හම්බන්තොට වරාය ආශ්‍රිතව නව පොල් අපනයන කලාපයක් !

Published in පුවත්
Thursday, 06 January 2022 10:43

පොල් ආශ්‍රිත නිෂ්පාදනවලට ලැබෙන අධික ඉල්ලුම හේතුවෙන් මෙම වසරේදී හම්බන්තොට වරාය ආශ්‍රිතව නව පොල් අපනයන කලාපයක් නිර්මාණය කරන බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසා තිබෙනවා.

වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය හා අදාළ රාජ්‍ය අමාත්‍යාංශ සමඟ මෙම වසරේ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

වගාකළ හැකි සෑම බිම් කොටසකම විවිධ භෝග වර්ග වගා කිරීමට යොමු විය යුතුයි. එමෙන්ම ඉතිහාසයේ වැවිලි ක්ෂේත්‍රයෙන් වැඩිම අපනයන ආදායමක් උපයා ඇත්තේ පසුගිය වසරේදී ය.. ඒ අනුව පොල් අපනයනයෙන් අමෙරිකා ඩොලර් මිලියන 900 ක් ද කුළුබඩු අපනයනයෙන් අමෙරිකා ඩොලර් මිලියන 500 ක් ද පසුගිය වසර තුළ උපයා තිබෙනවා.

රුපියල් 200 ත් 300 ත් අතර මිලකට තිබූ ගම්මිරිස් කිලෝ ග්‍රෑම් 1 ක් මේ වන විට රුපියල් 1000 ඉක්මවා අලෙවි වන බව මෙහිදි හෙළි වුණා.

ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදි අදහස් දක්වමින් කියා සිටියේ කහ අතිරික්තයක් පවතින බැවින් මෙම වසරේදී විදෙස් වෙළෙදපොළට කහ යැවීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි. දේශීය නිශ්පාදන ගැන ඇතැමුන් විශ්වාසය නොතැබූ යුගය අවසන් කරන බව සාකච්ඡාවේදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ප්‍රකාශ‌ කර තිබෙනවා.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us