ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කරයි.

Published in පුවත්
Thursday, 06 January 2022 15:09

රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.ගුරු - විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ අගෝස්තු 30 වන දින සහ මේ වසරේ ජනවාරි තුන් වන දිනයන්හිදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල දී ගනු ලැබූ තීරණවලට අනුව එම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන්ය.

ජනවාරි තුන් වන දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණය මෙසේය.

" ගුරු-විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවන් ඉවත් කිරීමට අදාළව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 සංශෝධනය කිරීම.

- ගුරු-විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවන් ඉවත් කිරීම පිණිස 2018 වර්ෂයේදී අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර එවකට පැවති විශේෂ වැටුප් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාවලිය පදනම් කර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති අතර, එම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා 2022 වර්ෂයේ අයවැය යෝජනා මඟින් අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමට ද පියවර ගනු ලැබ ඇත.
2018 වර්ෂයේදී අදාළ වැටුප් යෝජනාවලිය පිළියෙල කරන අවස්ථාවේදී ගුරු උපදේශක සේවය ස්ථාපිත වී නොතිබූ බැවින්, එම සේවය සඳහා ද වැටුප් පරිමාණ ඇතුළත් කරමින් ගුරු-විදුහල්පති සේවාවන්හි වැටුප් විෂමතාවන් ඉවත් කිරීමට හැකි වන පරිදි රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 03/2016 සංශෝධනය කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කරන ලද යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී."

මේ වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර ඊට ජාතික වැටුප් කොමිෂන් සභවේ සහ මුදල් අමාත්‍යාංශයේ ද එකඟතාව හිමිව තිබේ. මෙමඟින් ගුරුවරුනගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් සැලකියයුතු මට්ටමින් ඉහළ යෑමක්ද සිදුවේ.

වසර 24 ක මුළුල්ලේ නොවිසැඳි පැවැති ගුරු විදුහල්පති වැ‍ටුප් විශමතාවය අවසානයේදී වත්මන් ආණ්ඩුව යටතේ විසඳීම සිදුව තිබේ. මේ වෙනුවෙන් ගුරු විදුහල්පති වෘත්තීය සමිති දශක දෙකාහාමාරක් මුළුල්ලේම වෘත්තීමය අරගලයක නිරත විය. වත්මන් ආණ්ඩුව පත්වීමෙන් පසුව වඩාත් විවාදයට තුඩු දුන් වෘත්තීය සටන බවට ගුරු විදුහල්පති සටන හැඳින් විය හැකිය. එය කවර පාර්ශ්වයකින් වුව විවේචනයට ලක් කළද එම ඉල්ලීම් හී සාධාරණ බව සියලු පාර්ශ්ව විසින් පිළිගන්නා ලදී. එහෙත් එම ඉල්ලීම් පූර්ණ වශයෙන් ඉ‍ටු කිරීම සම්බන්ධයෙන් රජය යම් අපහසුතාවයක සිටි අතර එය අදියර කිහිපයකින් විසැඳීමට යෝජනා විය. නමුත් අවසානයේ දී එම ඉල්ලීම වඩාත් සාධාරණ ලෙස .ගුරු විදුහල්පති සටන ජයග්‍රහණය කළාය කියන මට්ටමින් ඉ‍ටු කිරීමට වත්මන් ආණ්ඩුව එකඟ විය.

රජය මෙම තීරණය ගත්තේ පහසුවෙන් නොවේ. මන්ද රජයට මුහුණ දීමට සිදුව තිබූ අර්බුදකාරී වාතාවරණයන් මත ඒ මොහොතේදී මෙය ක්‍රියාත්මක කිරීමේ
මඟ අපැහැදිලි විය. එහෙත් ජනාධිපතිවරයා, අගමැතිවරයා, මුදල් අමාත්‍යවරයා සහ අධ්‍යාපන බලධාරීන් ඊට විසඳුම් සොයා ගත් අතර ඒ අනුව ඉල්ලීම් ඉ‍ටු කළේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us