උපාධිධාරීන් 51,000ක් ස්ථීර පදනම යටතේ රැකියාවට !

Published in පුවත්
Thursday, 06 January 2022 14:01

උපාධිධාරීන්ට රැකියා දීමේ වැඩපිළිවෙල යටතේ උපාධිධාරීන් 51,000ක් ස්ථීර පදනමින් සංවර්ධන නිලධාරී තනතුර සඳහා අනුයුක්ත කර තිබේ.

ජනවාරි මස 3 වනදා සිට මොවුන් සංවර්ධන නිලධාරී තනතුරට අනුයුක්ත කර තිබේ. ඒ අනුව ස්ථීර පත්වීම් ලබන සංවර්ධන නිලධාරීන් ට රුපියල් 31,490ක මුලික වැටුපක් ගෙවීමට නියමිතය.

කෙටි කාලයක් තුළ රාජ්‍ය සේවයට මෙතරම් නිලධාරීන් පිරිසක් ස්ථිර පදනමින් බඳවාගත් පළමු අවස්ථාව මෙය බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඊයේ (05) පැවසීය.

පළාත් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දිස්ත්‍රික් ‍ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් යටතේ පුහුණුව සම්පූර්ණ කරන අනුපිළිවෙළ අනුව කොටස් තුනක් යටතේ ස්ථිර පත්වීම් ඔවුන්ට දීමට කටයුතු කළ බවත් ඒ මහතා කියා සිටි‍යේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

"2020 සැප්තැම්බර් මස 02 වැනි දින සිට මේ දක්වා කොටස් තුනක් යටතේ උපාධිධාරීන් 58,145ක් බඳවාගෙන තියෙනවා. ඒ අතරින් උපාධිධාරීන් 53,177ක් පළාත් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පුහුණුව සඳහා වාර්තා කළා. වසරක් ඉකුත් වන විට අභ්‍යාසලාභීන් ලෙස සිටි සංඛ්‍යාව 51,682ක්. අපි රාජ්‍ය සේවය දිවි හිමියෙන් රකිනවා. මමත් හිටපු රාජ්‍ය සේවකයෙක්. රාජ්‍ය සේවය වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම අපි කරනවා. පුහුණු කාලය වසරක් සම්පූර්ණ කළාට පසුව අනෙක් අයටත් පත්වීම් ලිපි දෙනවා."

අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා,

"මේ උපාධිධාරීන්ට පත්වීම් දීමේදී 2019-12-31 දිනට උපාධිය සමත් වීම, දේශීය විශ්වවිද්‍යාලයකින් උපාධිය ගෙන තිබීම, වයස අවුරුදු 45ට අඩු වීම හා රැකියා විරහිත වීම යන කරුණු සුදුසුකම් ලෙස අපි සලකා බැලුවා. අභියාචනා ඉදිරිපත් කරන්නත් අවස්ථා සලසා දුන්නා. ඒ වගේම අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර සහ ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අනුකාරක සභාවක් පත් කරලා එහි මඟපෙන්වීම අනුව තමයි අපි ක්‍රියා කළේ. ඒ වගේම මේ අයට ඉදිරියේදී පවතින ගුරු පුරප්පාඩු සඳහා අයදුම් කරන්නත් අවස්ථාව සලසා දෙනවා. විෂය නිපුණතාව සහ ඉගැන්වීමේ හැකියාව අනුව අපි ගුරු පත්වීම් දෙන්න කටයුතු කරනවා. නමුත් දැනට මේ 51,000 ඉන්නේ සංවර්ධන නිලධාරීන් හැටියට."

අධ්‍යාපන සුදුසුකම් සැපිරු හෝ පුහුණු ශ්‍රමිකයන් සම්බන්ධයෙන් වන රැකියා හිඟ කම මෙරට දැවෙන ප්‍රශ්නයකි..විශේෂයෙන් රැකියා විරහිතව සිටින උපාධිධාරීන් සංඛ්‍යව ඉහළ අගයක් ගැනීම සෑම වර්ෂයක් පාසාම නැඟෙන ගැටළුවකි. 'කසිප්පු පෙරන උපාධිධාරිනියක් ගැන කලකට පෙර පුවත්පත් වාර්තාවක් පළවිය .අළුගෝසු තනතුරට අයදුම්පත් යොමුකළ පිරිස අතර උපාධිධාරින්ද සිටි බව අනාවරණය කෙරිණි. විශ්වවිද්‍යාල ප්‍රවේශය කොතරම් සීමා සහිත වූවද ඊට ඇතුළත් වීමට වරම් ලැබෙන සීමිත පිරිසටත් උපාධිය ලබාගෙන විශ්වවිද්‍යාලයෙන් පිට වූ පසු රැකියාව ලබා ගැනීම දුෂ්කර කටයුත්තක් වී ඇත. විශ්වවිද්‍යාල ප්‍රවේශය කොතරම් කප්පාදු කලද ඊට ඇතුළත් වීමට වරම් ලැබෙන සීමිත පිරිසටත් උපාධිය ලබාගෙන විශ්වවිද්‍යාලයෙන් පිට වූ පසු රැකියාව ලබා ගැනීම දුෂ්කර කටයුත්තක් වී ඇත.ඒ අනුව ඔවුහු රැකියා විරහිත උපාධිධාරීහු වෙති. රජයේ විශ්වවිද්‍යාල වලින් පිටවන සියලු උපාධිධාරීන්ට රජයේ රැකියා ලබා දිය යුතුයැයි නීතියක් නැත. එහෙත් උපාධිධාරීන් වේවා නොවේවා තරුණ පරම්පරාවට රැකියා මාර්ග විවර කිරීම පාලකයන්ගේ වගකීමය.

ඒ අනුව වසර ගනනාවක් තිස්සේ රැකියා විරහිතව සිටි උපාධිධාරී තරුණ තරුණියන්ගේ සේවය රටට ලබා ගැනීම වෙනුවෙන් සහ ඔවුනගේ ජීවන තත්වයන් නඟා සිටුවීම වෙනුවෙන් රජය ඔවුනට රැකියා අවස්ථා සලසා දීම මේ මොහොතේ අගය කළ යුතු කරුණක්ව ඇත.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us