ඉතිහාසයේ පළමු වරට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට ලාබයක්

Published in පුවත්
Monday, 10 January 2022 12:04

ඉතිහාසයේ පළමු වරට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝටි 75ක් මහා භාණ්ඩාගාරයට උපයා දී තිබෙනවා.

ලොව පුරා පැතිර ගිය කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් ලෝකයේ දැවැන්ත ආර්ථිකයන් හිමි රටවල් පවා අද වන විට බරපතළ ආර්ථික අභියෝගයන්ට මුහුණ දෙමින් සිටිනවා.

එවන් තත්ත්වයක් පවතිද්දී මෙරට මහා භාණ්ඩාගාරයට මින්පෙර ආදායම් උපදවා නොදුන් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව පසුගිය කාලසීමාව තුළ සුවිශේෂී මෙහෙවරක් ඉටු කරමින් රුපියල් මිලියන 750 කට ආසන්න මුදලක් මහා භාණ්ඩාගාරයට උපයා දීමට සමත් වී තිබෙනවා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කමිෂන් සභාව කොමිෂන් සභාව මෙම මුදල් උපයා ගෙන ඇත්තේ, රජය සතු ඉඩම් දිගුකාලීන බදු ක්‍රමය යටතේ පවරා දීමෙන් ලද බදු ආදායමෙන් සහ ඉඩම් විකිණීමෙන් ලද ආදායම් හරහායි.

රජයේ ඉඩම් ඉඩම් කියමින් ඒවායෙන් නිසි ප්‍රයෝජනයක් අත්පත් කරනොගනිමින් කැලෑ වැදීමට ඉඩහරිමින් තබා ගැනීම මෙතුවක් කල් සිදුකෙරුණු නමුත් වත්මන් පාලනය යටතේ මේ ඉඩම් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් යොදා ගැනීම සිදුව තිබේ.

ජනතාවට වඩාත් සමීපතම රාජ්‍ය ආයතනයක් ලෙස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව තමන්ට හිමි බිම්කඩෙහි සැබෑ අයිතිය තහවුරු කිරීමේ වදගත් කාර්යභාරය ඉටු කරන රාජ්‍ය ආයතනයක්.

මෙම කොමිෂන් සභාව මගින් අලුතින්ම ක්‍රියාත්මක කරන ලද ඔප්පුව ගෙදරටම ජාතික වැඩසටහන හරහා වසර ගණනාවක් තම ඉඩම් අයිතිය නොමැතිකමින් දුක්විදි ජනතාවට මහත් සෙතක් සිදු වී තිබෙනවා.

මීට අමතරව ජනාධිපතිවරයාගේ වස විසෙන් තොර කෘෂි ආර්ථිකයක් ගොඩනැගීමේ ජාතික වැඩපිළිවෙළට අත්‍යවශ්‍ය කාරණාවක් වූ කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතිය ද ඉඩම් අමාත්‍ය එස් .එම් . චන්ද්‍රසේනගේ හා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිලන්ත විජේසිංහගේ මග පෙන්වීම යටතේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමට ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සමත් වී තිබෙනවා.

එම ව්‍යාපෘතිය වෙනුවෙන් ද තවත් රුපියල් මිලියන 350ක මුදලක් ඉඩම් අමාත්‍යාංශය වෙත ලබා දීමටත් ඔවුන් සමත් වී තිබෙනවා.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us