මීළඟ ජනාධිපතිවරණයට සජිත් එනවා. පොදු අපේක්ෂක කතා නෑ. Featured

Published in පුවත්
Monday, 10 January 2022 12:15

ඉදිරි ජනාධිපතිවරණයේදී තනිව තරග කිරීමට තම පක්ෂය තීරණය කර ඇති බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ ප්‍රකාශ කළේය.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අත්තනායක කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී සජබය තමන්ගේම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් සජබ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක අපේක්ෂකයෙකුට සහාය නොදක්වන බවත්ය.

මෙහිදී 2015 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයාට සහය දීමෙන් පසු එක්සත් ජාතික පක්ෂයට අත් වූ ඉරණම ඔවුන් හොඳින් දන්නා බවත් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එසේම අත්තනායක මහතා කියා සිටියේ ලබන වසරේ මැදදී ආණ්ඩුව මහ මැතිවරණයකට යා හැකි බවයි. එහෙත් ඔහුගේ පක්ෂය බලාපොරොත්තු වුණේ පළාත් සභා මැතිවරණයක් සහ පළාත් පාලන මැතිවරණයක් නමුත් ආණ්ඩුව පළාත් සභා මැතිවරණය කල් දමා ඇති බව පැවැසීය.

එසේම මන්ත්‍රීවරයා කියා සිටියේ ජනාධිපතිවරණයක් පවා කලින් පැවැත්වියහැකි බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us