කොළඹ වරාය, නැඟෙනහිර පර්යන්තයේ දෙවන අදියරේ වැඩ පටන් ගනී.  

Published in පුවත්
Wednesday, 12 January 2022 10:16

කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයේ (ECT) අදියර 2 ඉදි කිරීම් අද (12) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අද පෙරවරු 10.30 ට යෙදී තිබෙන සුබ මොහොතේදී සමරු ඵලකය නිරාවරණය කර ඉදිකිරීම් ආරම්භ කරන බව වරාය අධිකාරිය පවසයි.

කොළඹ වරායේ මෙහෙයුම් ධාරිතාව තවදුරටත් වැඩි කිරීමේ අරමුණ ඇතිව ඇරඹෙන නැඟෙනහිර ජැටියේ ඉදි කිරීම් අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක වන අතර ඒ සඳහා ඩොලර් මිලියන 600 -700 ක් මුදලක් වැය කිරීමට නියමිතව ඇත.

වරාය අධිකාරයේ, අධීක්ෂණය හා ආයෝජන යටතේ නැඟෙනහිර පර්යන්තයේ ඉදි කිරීම් සිදු වන අතර 2024 වර්ෂයේදී ඉදි කිරීම් අවසන් කර, පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ඇරඹීමටත් අපේක්ෂිතය‍. මේ පර්යන්තයේ මීටර 400ක් හෝ ඊට වඩා දිගින් වැඩි විශාල බහලු නෞකා තුනක් මෙහෙයවීමට අපේක්ෂා කෙරේ. හෙක්ටයාර 72ක් පුරා ඉදි කෙරෙන මීටර 1,320 ක දිගින් යුක්ත පර්යන්තයේ වාර්ෂික ධාරිතාව බහලු විස්සේ සම ඒකක මිලියන 2.4කි.

එහි පළමු අදියර මීටර 600 ඉදිකිරීම් ලබන වසරේ ජූලි මස 4 වැනිදා අවසන් කර එස්.ටී.එස්. දොඹකර හයක් සහ ආර්.එම්.ජී. දොඹකර 20 ක් ස්ථාපිත කිරීමට නියමිත බව කී සභාපතිවරයා දෙවැනි අදියර 2024 ජනවාරි මස 4 වැනිදා වන විට අවසන් කර එස්.ටී.එස්. දොඹකර තුනක් සහ තවත් ආර්.එම්.ජී. දොඹකර 20 ක් සමගින් දෙඹකර 12 ක් ආර්.එම්.ජී. දොඹකර 40 ක් සහිත අංග සම්ර්ණ පර්යන්තයක් බවට පත්කරන බව ද සඳහන් කළේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය වඩාත් ආන්දෝලයට තුඩුදුන් ස්ථානයක් වන අතර එම පර්යන්තය මීට පෙර ඉන්දියානු සමාගමක් හා ඒකාබද්ධ ව්‍යාපාරයක් ලෙස සිදුකිරීමට යෝජනා වී තිබුණු නමුත් ඊට වෘත්තීය සමිතිවලින් හා ජනතාවගෙන් දැඩි විරෝධතාවක් එල්ල විය. පසුව ශ්‍රී ලංකා වරායට පූර්ණ අයිතියක් ඇති පර්යන්තයක් ලෙස සංවර්ධනය කිරීමට 2021 වසරේ පෙබරවාරි මස 01 වැනිදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබිණි.

මේ වන විට ලෝකයේ ප්‍රබල වරායන් අතරින් කොළඹ වරාය 23වන ස්ථානයේ ශ්‍රේණිගතව ඇති අතර , නැගෙනහිර පර්යන්තයේ වැඩ නිම කිරීමෙන් පසුව වරායේ කාරයක්ෂමතාව තවදුරටත් ඉහළ යනු ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us