බංකොලොත් වෙන්නේ නෑ.. ආර්ථික වර්ධනය 5.5 ට ගේනවා - මහ බැංකු අධිපති

Published in පුවත්
Wednesday, 12 January 2022 11:30

ශ්‍රී ලංකාව මේ වසරේ 5.5%ක ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගැනීමට බලාපොරොත්තුවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් මහතා පවසයි.

අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා ඒ බව සඳහන් කළේය.

එමෙන්ම මෙරට ආර්ථිකය බංකොලොත් වී ඇති බවට ඇතැමුන් සිදු කරන ප්‍රකාශවල සත්‍යතාවක් නොමැති බවත් මේ දිනවල රට පුරා දැඩි ආන්දෝලනාත්මක මාතෘකාවකට තුඩු දී ඇති ඩොලර් හිඟ වීම සහ විදේශ සංචිත අඩුවීම, රන් සංචිත අවම වීම හා ආර්ථික උද්ධමනයක් ඇතිවීමේ අවදානම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහබැංකු අධිපතිවරයා ඒවා වෙන වෙනම ගෙන හැර දක්වමින් ඔහු කියා සිටියේ එවන් තත්ත්වයක් උද්ගතව නොමැති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා,

"මම හිතන්නේ අපිට මේ අවුරුද්ද තුළදී 5.5%ක පමණ ආර්ථික වර්ධන වේගයක් ළඟා කරගන්නට පුළුවන් වෙයි. එය පසුගිය වසරේ යම්කිසි අඩු ආර්ථික වර්ධනයක් තිබුණ්‍ර නිසා ඒක ජයක් හැටියට සැලකුවේ නැතත් 5.5% වර්ධන වේගයක් අපිට ඇති කරගන්න පුළුවන්නම් ඒක සාර්ථක එකක් හැටියට තමයි මම දකින්නේ. ඒක කරන ගමන්ම අපිට තවත් අභියෝග කිහිපයක් තිබෙනවා ජයගන්නට. අපි හැමෝම දන්නවා ආර්ථිකයක් හසුරවද්දි සියලුම අංගයන් එකට වර්ධනයවීමක් ඇති කරගන්නට අවශ්‍යයි. එහෙම කරගෙන යන අතරම තමයි මේ කටයුත්තට අපි යෙදෙන්නේ. මම හිතන්නේ ඒක අපිට ළඟා කරගන්න පුළුවන් වෙයි. ඒ සඳහා සියලුදෙනාම එකතුවෙලා එකට වැඩකරන්න ඕනේ. විවිධ පැතිවලින් එන විවිධ අභියෝග තවදුරටත් වැඩිකරන්නේ නැතුව ඒක කෙරුවනම් හොඳයි එක තමයි මගේ අදහස."

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us