ගෙවන්න බෑ කිව්ව බැඳුම්කරේ අද ගෙවනවා.. - කබ්රාල්

Published in පුවත්
Tuesday, 18 January 2022 09:45

අද (18) දිනයට කල් පිරෙන ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරය සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට මහ බැංකුව පියවර ගෙන තිබේ.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පැවසුවේ, ඊට අදාළ සියලු ලිපි ලේඛන සකස් කර ඇති බවය.

අද දිනයේ අදාළ ගෙවීම සිදුකරන බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

"අපි මහ බැංකුව විදියට හෙට දිනයේ අමෙරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ස්වෛරී බැඳුම්කර සඳහා ගෙවීම කරනවා. ඒ නිසා ඒ ගැන කිසිම කෙනෙක් කලබල වෙන්න අව‍ශ්‍යතාවයක් නෑ. ඒ සඳහා සම්පූර්ණ ලියකියවිලි සියලුම දේවල් අපේ මහ බැංකුවේ ණය දෙපාර්තමේන්තුව විසින් ඒවා සකස් කරලා තියෙනවා. ඒ නිසා ඒ ගෙවීම ඒ ආකාරයටම සිදුවෙයි. යම් අභියෝගයන්ට අපි මුහුණ දී තිබෙනවා. ඒ සෑම අභියෝගයක්ම අපි ජයගෙනත් තියෙනවා.

මේ අවස්ථාවේ දී යම් අවස්ථාවක බැංකුවල තිබෙන ඩොලර් ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් නම්, ඒ හිඩස පිරවීම ට මහ බැංකුව බැදිලා ඉන්නවා. මම මේ පිළිබඳව ජනාධිපතිතුමා සමගත් අගමැතිතුමා සමගත් මුදල් අමාත්‍යතුමා සමගත් සාකච්ඡා කළා. එවැනි අවස්ථාවල දී අපි ඒ මුදල් ලබාදීමට කටයුතු කරනවා. ඒ නිසා කිසිම හිඟයක් මුදල් නැති නිසා ඇති කර ගැනීමට අපි බලාපොරොත්තු වෙන්නේ නෑ."

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us