රට ගොඩනගන්න ආණ්ඩුව සමඟ එකතුවෙන්නැයි සියළු මන්ත්‍රීන්ට ජනපතිගෙන් ඉල්ලීමක්. Featured

Published in පුවත්
Tuesday, 18 January 2022 11:26

ගෝලීය වශයෙන් ව්‍යසනයකට මුහුණ දී ඇති මොහොතක රට ගොඩනැගීමට එකතුවීමට සියලුදෙනාටම ජාතික වගකීමක් ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

09 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය මේ වන විට ආරම්භ වී ඇති අතර, එහි රාජාසන කතාව ආරම්භ කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

"මේ උත්තරීතර සභාව නියෝජනය කරන විවිධ දේශපාලන පක්ෂවලට අයත් නියෝජිතයින් අතර, විවිධ දේශපාලන පක්ෂ අතර විවිධ දේශපාලන මතිමතාන්තර තිබෙනවා. ප්‍රතිපත්තිමය වෙනස්කම් තිබෙනවා. නමුත් අපි සියලුදෙනාම අවසාන වශයෙන් ප්‍රාර්ථනය කරන්නේ, රටේ යහපතයි. ගෝලීය ව්‍යවසනයකින් පීඩාවට පත් වී තිබෙන මේ දුෂ්කර අවස්ථාවේ දී රට ගොඩනගන්නට එකට එකතු වී කටයුතු කරන්නට මහජන නියෝජිතයින් ලෙස අප සියලුදෙනාට ම ජාතික වගකීමක් තිබෙනවා. එම වගකීම ඉටුකිරීම සඳහා අප සමග එක්ව කටයුතු කරන ලෙස මම මේ අවස්ථාවේ දී ඔබ සියලුදෙනාටම ආරාධනා කරනවා. කෙටි කාලීන ගැටලුවලට සාර්ථකව මුහුණදෙන අතරම අපේ මුලික වගකීම වන්නේ, අප විසින් රටේ ජනතාවට ඉදිරිපත් කරන ලද බහුතර ජනතාවක් විසින් අනුමත කරන ලද දීර්ඝ කාලින සංවර්ධන වැඩපිළිවෙල නොනැවතී ක්‍රියාත්මක කිරීමයි."

ජනාධිපතිවරයා විසින් සිදුකරමින් පවතින කතාවේ මුලික කරුණු කිහිපයක් පහතින් දැක්වේ.

* ජාතික ආරක්ෂාව සුරක්ෂිත කර තිබෙනවා.

*වයස අවුරුදු 16ට වැඩි 85%කට එන්නත මාත්‍රා දෙකම ලබා දී අවසන්.

*පොලිස් නිලධාරින්ගේ ආකල්ප වර්ධනයට හා පුහුණු වැඩසටහන් සඳහා කටයුතු යොදා තිබෙනවා.

*යුද්ධයෙන් විනාශ වු උතුරු හා නැගෙනහිර ජන ජීවිත නඟාසිටුවීමට ආයෝජන රැසක් කර තිබෙනවා.

*පටු දේශපාලන අවශ්‍යතා මත ජනතාව උසිගැන්වීම නැවැත්විය යුතුයි.

*ජාත්‍යන්තර ප්‍රජාවගේ නිරීක්ෂණවලට ධනාත්මක ප්‍රතිචාර දැක්වීමට සුදානම්.

*පවතින ආර්බුදකාරි තත්ත්වය හමුවේ සියලු දේශපාලන පක්ෂවල මහජන නියෝජිතයින් එක්ව කටයුතු කිරීම ජාතික වගකීමක්.

*දරුවන්ට හොඳ අධ්‍යපනයක් මෙන්ම ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමට කටයුතු කළා.

*ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සඳහා විනිවිදභාවය ශක්තිමත් කිරීම අවශ්‍යයි.

* නීතියේ ප්‍රමාදයට විසඳුම් ලබාදී විශ්වාසදායි ලෙස අධිකරණ කටයුතු සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.

*අධිකරණ කටයුතු ඩිජිටල්කරණය කිරීමට කටයුතු කර තිබෙනවා.

*අඩු ආදායම්ලාභි ජනතාවට අධිකරණ කටයුතු සිදුකරගැනීම සඳහා පහසුකම් සපයා තිබෙනවා.

* කොළඹට සීමා වු ණය සහනදායක මණ්ඩල වෙනත් දිස්ත්‍රික්කවලට ව්‍යාප්ත කර තිබෙනවා.

*ජනතාවාදී ආණ්ඩුවක මූලික කෙටුම්පතක් සකස් නිරීම සඳහා කටයුතු කර තිබෙනවා.

*දිවයිනේ සියලුම නිවාසවලට විදුලිය සහ ජලය සැපයීමේ කටයුතු සැලසුම් කළ පරිදි සිදුවෙමින් පවතිනවා.

*2025 වන විට කොළඹ වරාය ලොව කාර්යය බහුලම වරායන් අතරට එක්කරනවා.

*ජනතාවගේ ආර්ථික තත්ත්වය පිළිබඳ ආණ්ඩුව සංවේදී නිසාම ගොවි ජනතාවට නොමිලේ පොහොර පවා ලබා දුන්නා.

*හරිත කෘෂිකර්මාන්තය පිළිබඳ රජයේ ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් නැහැ.

* එතනෝල් ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීම නිසා උක් ගොවියාන්ට හොඳ මිලක් ලැබෙනවා.

 

adaderana

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us