මාර්ග තදබදයට තිත තැබීමට තවත් නව ගුවන් පාලම් 4කට කැබිනට් අනුමැතිය !

Published in පුවත්
Wednesday, 19 January 2022 13:09

නව ගුවන් පාලම් 4ක් ඉදිකිරීම සඳහා මහාමාර්ග අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

හංගේරියානු රජය හා ශ්‍රී ලංකා රජය අතර ඇති කරගත් මුල්‍ය සහයෝගිතාව මත නව පාලම් ඉදිකිරීමට නියමිතය.

මුත්තොට්ටුගල දුම්රිය හරස් මාර්ගය හා හිරිපිටිය හන්දිය, පස්යාල මංසන්ධිය, මීගමුව මාරිස්ටෙලා මංසන්ධිය සහ තලවතුගොඩ මංසන්ධිය ට එම නව පාලම් ඉදිරි කිරීමට යෝජනා වී තිබේ. වාහන තදබදයට විසඳුමක් ලෙස එම පාලම් ඉදිකිරීමට නියමිතය.

හංගේරියාවේ එක්සිම් බැංකුව හරහා සහන මුල්‍ය පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව හා එම රජය අතර ඇති කර ගත් මුල්‍ය සහයෝගිතාවය මත මේ වනවිට කොහුවල හා ගැලඹේ ගුවන් පාලම් ඉදිකෙරෙමින් පවතී.

මාර්ග තදබදය වර්තමානය වන විට රටට ඇති වී තිබෙන බරපතලම ගැටළුව බවට පත් වී තිබේ.මේ හේතුව නිසා වසරකට මේ වන විට රුපියල් බිලියන 150කට ආසන්න ඉන්ධන හා මිනිස් ශ්‍රමය අපතේ යන බවට හෙළි වී ඇත.

ශ්‍රී ලංකාව වූ කලී වර්ග කිලෝ මීටර් 65,610කටත් වඩා කුඩා රටකි. එහෙව් රටකට අධිවේගී මාර්ග කුමකටදැයි විමසන අයද අදත් සිටිති. නමුත් ඉබි ගමනක ගිය අප දැන්වත් ඒ ගමන නවතා ඉදිරියට යා යුතුව ඇත. කවුරු කෙසේ කීවත් අධිවේගී මාර්ග, වාහන තදබදය නැති රටක් සංවර්ධනයට අත වනන බව නොරහසකි. ආයෝජකයින්ගේ ආකර්ෂණයට ද මේ මාර්ග පද්ධති බලපාන බව නොරහසකි. යටිතල පහසුකම් අවම, මාර්ග තදබදය ඇති ප්‍රදේශ වල ආයෝජන ව්‍යාපෘති අරම්භ කිරීමට ආයෝජකයින් මැලිකමක් දක්වයි. එබැවින් එම අසීරුතාවයන් රටේ ආර්ථික දියුණුවට බාධා එල්ල කරන අතර මේ හේතුවෙන් දිනකට විනාශ වී යන මිනිස් පැය ප්‍රමාණයද ඇති මහත්ය.

මේ සියල්ල ගත් කළ මෙම නාගරික වාහන තදබදයට ඇති සාර්ථක එක් විසදුමක් වී ඇත්තේ ගුවන් පාලම් ඉදි කිරීමය..රටේ ඇති සැබෑ ප්‍රශ්නයන් මැනවින් අවබෝධ කරගෙන ඒ අනුව ක්‍රියා කරන වත්මන් ආණ්ඩුව මේ සඳහාද විසදුම් සැපයීම සදහා තවත් ගුවන් පාලම් 4ක් ඉදිකිරීමට මහාමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දීම සාධනීය තීරණයක් වන්නේ ඒ අනුවය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us