අමාත්‍යංශ ලේකම්වරුන්ගේ වගකීම කුමක්දැයි ජනපති කියලා දෙයි

Published in පුවත්
Wednesday, 19 January 2022 19:14

රටේ සෑම දෙයක්ම රාජ්‍ය සේවය මත රඳා පවතින හෙයින් සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඉදිරියේ දැවැන්ත වගකීම් කොටසක් පැවරී ඇති බව ජනාධිපතිතුමා සියලුම කැබිනට් ලේකම්වරුන් අමතමින් සඳහන් කර තිබෙනවා. නව ජනාධිපති ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා පත් කිරීම සම්බන්ධයෙන් එම පත්වීම් ලිපිය, ජනාධිපතිවරයා විසින් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී භාර දෙනු ලැබු අවස්ථාවේදී මෙම අදහස් පළ කර ඇත.

රජයේ ඉදිරි සැලසුම් සහ ඉලක්ක අමාත්‍යාංශ වෙත ලබාදී තිබේ. නිලධාරීන් දිරිගන්වමින් අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම අමාත්‍යාංශ ලේකම්වරු සතු වගකීමක් බව ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

ලංකාවේ පුරවැසියන් රාජ්‍ය සේවය පිළිබඳව දරණ ආකල්පය තරමක් ඍණාත්මකය. අකාර්යක්ෂම රාජ්‍ය නිලධාරීන් හමුවේ මෙන්ම අල්ලසක් ලබා දීමෙන් තොරව තමාට අවශ්‍ය සේවාව රාජ්‍ය නිලධාරියෙක්ගෙන් ලබා ගැනීමට නොහැකි වෙන අවස්ථාවක, පුරවැසියෙක්ට සමස්ත රාජ්‍ය සේවයම පිළිබඳව ඇති වන්නේ අප්‍රසාදයකි. රටක පුරවැසියන්ට සිය සේවය ලබා දීමේදී ඒ සඳහා වගවෙන සහ විනිවිදභාවයෙන් යුතුව ක්‍රියා කරන, නිවැරදි සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇතිවීම ඒ රටේ දූෂණය අවම කිරීමේ පළමු පියවරයි. මෙම ක්‍රියාවලියෙහි සම්පුර්ණ වගකීම ඇත්තේ සියලු අමාත්‍යාංශ ලේකම්වරු අතෙහිය. එනම් රාජ්‍ය සේවය යහපත් තැනකට ගෙනවිත් රට සංවර්ධනය කිරීමට සුවිශාල කැප කිරීමක් ඇත්තේ එකී අමාත්‍යාංශ ලේකම්වරු අතය. ඔවුන් යටතේ සිටින සෙසු ලේකම් වරු, දෙපාර්තමේන්තු ප්‍රධානින් ද මීට අඩු වැඩි වශයෙන් වගතිව යුතුය. මෙරට බොහෝ රාජ්‍ය ආයතන පාඩු ලබන ආයතන බවට පත් වීමට සෘජුවම දායකත්වය සපයා ඇත්තේ එදා මෙදා තුර මෙරට සිටි අමාත්‍යාංශ ලේකම්වරයාගේ සිට ඉහළ තනතුරු දරණ ප්‍රධාන්ගේ යැයි කීම අතිශෝක්තියක් නොවනු ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us