රබර් වගාවද වන වැස්මට ඇතුළත් කිරීමට තීරණයක් !

Published in පුවත්
Thursday, 20 January 2022 12:55

ඉදිරියේ දී අපේ රටේ රබර් වගාව ද වන වැස්මට ඇතුළත් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇති අතර එම වැඩ පිළිවෙළ කඩිනම් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී ඇති බවත් වාර්තා වේ.

මෙම වැඩ පිළිවෙළ යටතේ පරිසර අමාත්‍යාංශය විසින් 2022 වසර තුළ හෙක්ටෙයාර් 500ක රබර් වගා කිරීමට නියමිතය. ඒ අනුව පළමු අදියර සඳහා මේ වනවිට වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 100කි.

අප රටේ මේ වනවිට වගා කර ඇති රබර් ප්‍රමාණය හෙක්ටෙයාර් 1,36,000ක් පමණ වේ. නමුත් මෙම බිම් ප්‍රමාණය මෙතෙක් වනවැස්මට අයත් සේ සළකා නැත. ශ්‍රී ලංකාවේ ස්වාභාවික වනවැස්ම 2025 වනවිට සියයට 30ක් දක්වා ඉහළ නැංවීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අන්තර්ගත කර තිබේ.

ඒ අනුව මේ වනවිට සියයට 29.2ක් වන ශ්‍රී ලංකාවේ ස්වාභාවික වන වැස්ම සියයට 30 දක්වා ඉහළ දැමීමට නම් තවත් දශම 08කින් එය ඉහළ නැංවිය යුතුය. ඒ සඳහා වගා කළ යුතු ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර් 65,000ක් යැයි මේ වන විටත් බලධාරීන් ගණන් බලා තිබේ. ලෝකයේ බොහෝ රටවල වන වැස්ම සඳහා එම රටවල රබර් වගාව ද ඇතුළත් කර ඇතත් මේ වන තෙක් අපේ රටේ රබර් වගාව වන වැස්මට අදාළ කර ගණන් ගැනීමක් සිදු කර නොමැත. එම නිසා පරිසර අමාත්‍යංශය විසින් ගනු ලැබූ මෙම තීරණය සුබවාදී තීරණයක් බව කිව යුතුය.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us