සති අන්ත දිර්ඝ නිවාඩුවේන් රට උපයාපු අදායම කෝටියකට ආසන්නයි !

Published in පුවත්
Thursday, 20 January 2022 12:44

ඉකුත් සති අන්ත දිර්ඝ නිවාඩුවේ දී මෙරට උද්‍යාන නැරඹීම සඳහා පැමිණි දේශීය විදේශීය සංචාරකයින්‍ ගෙන් කෝටියකට ආසන්න ආදායමක් උපයා ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

තෛපොංගල්, සති අන්ත සෙනසුරාදා ඉරිදා හා දුරුතු පොහොය දිනය එක ළග ළග දිනවල යෙදී තිබීම නිසා විශාල පිරිසක් විනෝද චාරිකාවලට එක්වීමක් දක්නට ලැබුණු අතර වැඩිම පිරිසක් උද්‍යාන නැරඹීම සඳහා පැමිණ තිබුණේ ඉකුත් 16 වැනිදායි. එදින දේශීය සංචාරකයින් 23,342ක් හා විදේශීය සංචාරකයින් 425ක් උද්‍යාන නැරඹීම සඳහා පැමිණ ඇති අතර එමගින් රුපියල් 2859840ක ආදායමක් උපයා ඇත.

තෛපොංගල් නිවාඩුව යෙදුනු 14 වැනි සිකුරාදා උද්‍යාන නැරඹීම සඳහා දේශීය සංචාරකයින් 11617ක් හා විදේශිය සංචාරකයින් 423ක් පැමිණ ඇති අතර එමගින් රුපියල් 1840500 ක ආදායමක් ලැබී තිබේ. ඉකුත් 15 වැනි සෙනසුරාදා දේශීය සංචාරකයින් 16175ක් හා විදේශිය සංචාරකයින් 493ක් උද්‍යාන නැරඹීම සඳහා පැමිණ ඇති අතර එමගින් රුපියල් 2381340ක් ලැබී ඇත. දුරුතු පොහොය දිනයේ දේශීය සංචාරකයින් 18747ක් හා විදේශිය සංචාරකයින් 314ක් පැමිණ තිබේ. එදින රුපියල් 2250140ක ආදායමක් ලබා තිබේ. සති අන්ත දිර්ඝ නිවාඩුවේ පමණක් උද්‍යාන නැරඹීමට පැමිණි දේශීය විදේශීය සංචාරකයින් මඟින් රුපියල් 9331820ක ආදායමක් ලබා ගෙන ඇත.

සංචාරක කර්මාන්තයේ මෙම නව පිඹිදීම රටේ ආර්ථිකය නැංවීම සඳහා ලැබුණු අවස්ථාවක් බවට පත්කර ගනිමින් ඉදිරියට පා තැබීම මෙම කර්මාන්තයේ නිරතවන්නන්ගෙන් රටට අවශ්‍යව ඇත..පසුගිය ආණ්ඩු සම වල මෙරට ආර්ථිකයට දරුණුතම පහර වැදුනේද සංචාරක කර්මාන්තය කඩා වැටීමත් සමගය..එහෙත් රටේ වසංගත අර්බුධයක් මතින් වුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව මෙම සංචාරක කර්මාන්තය නගා සිටුවීමට මේ දක්වා ඉටු කරනු ලැබූ කාර්ය භාර්යා අතිමහත්ය..එය ඉදිරියටත් එසේම වනු ඇත..කෙසේ වුවද වත්මන් ආණ්ඩුව ලබා දෙන මෙම නොමද සහය මේ මොහොතේ පුරවැසියන් ලෙස අප අගය කළ යුතු කරුණක් වන්නේ ඒ අයුරින්ය.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us