චම්පික රණවක හදිසියේ රෝහල්ගත වූයේ ලෙඩකට නොවෙලු

Published in පුවත්
Friday, 21 January 2022 11:05

රාජගිරිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි මස 18 වනදා යළි ඇරඹීමට කොළඹ මහාධිකරණය අද (21) නියම කළේය.

මෙහිදී පසුගිය නඩු වාරයේදී චම්පික රණවක අධිකරණය මඟ හැරීම සම්බන්ධයෙන් දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විවෘත අධිකරණයේ කරුණු දක්වමින්, "විත්තිකරු නිත්‍යානුකූල ක්‍රියාපටිපාටීන් අනුගමනය කරමින් මෙම නඩු විභාගය කල්දමා ගැනීමට උත්සාහ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් අපි විරුද්ධ වන්නේ නැහැ. ඒක ඔහුට තිබෙන නිත්‍යානුකූල අයිතියක්. නමුත් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා සිදුකළ පරීක්ෂණවලින් විත්තිකරු "සාමාන්‍ය" තත්ත්වයේ පසුවන බව සඳහන් කර තිබෙනවා. විත්තිකරු අධිකරණයේ පෙනීසිටීමට සුදුසු සෞඛ්‍ය තත්ත්වයේ පවතින බවත් සඳහන් කර තිබෙනවා," යනුවෙන් සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා නඩුවක් කඩිනමින් අවසන් කිරීම අධිකරණයේ අරමුණ බව සඳහන් කළේය.

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී තරුණයෙකු ව බරපතළ රිය අනතුරකට ලක්කොට ඊට අදාළ සාක්ෂි වසන්කිරීම ඇතුළු චෝදනා ඔවුන්ට එරෙහිව එල්ල් වී තිබේ.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේ ඉකුත්දා අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත වූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ද අධිකරණය හමුවේ පෙනී සිටියේය.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා ඉකුත් 11 වනදා මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකරු අසනීපව රෝහල්ගත වී ඇති බව සඳහන් කරමින් වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතාගේ වෛද්‍ය වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරුණු බව සිහිපත් කළේය.

එම වාර්තාව පරික්ෂා කළ අධිකරණය එය නිකුත් කළ වෛද්‍ය ජයවර්ධන මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අපරාධ කොට්ඨාශයට නියම කළ බව සිහිපත් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා රෝහල්ගතව සිටි චම්පික රණවක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝගයක් නිකුත් කළ බවත් සඳහන් කර සිටියේය.

ඒ අනුව වැඩි දුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කර සිටියේ,

"ස්වාමීනි... අධිකරණය විසින් කරන ලද නියෝගයට අනුව රෝහල්ගතව සිටි විත්තිකාර පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාවක් නිකුත් කළ වෛද්‍ය ජයවර්ධන මහතාගෙන් අපරාධ කොට්ඨාශය නිලධාරීන් ප්‍රකාශයක් සටහන් කර ගත්තා. එම ප්‍රකාශයට අනුව මෙම විත්තිකරු ඉකුත් 10 වනදා රෝහල්ගත වී තිබෙනවා. වකුගඩු අමාරුව, හුස්ම ගැනීමේ අපහසුව වැනි රෝගී තත්ත්වයන් නිසා රෝහල්ගත වූ බව සඳහන් කර තිබෙන්නේ. මොහුට මාසයක පමණ ප්‍රතිකාර ලබාගැනීමට සිදුවන බව සඳහන් කර තිබුණත් එම වෛද්‍ය වාර්තාව නිකුත් කරන අවස්ථාවේදී විත්තිකරු තමන්ට 11 වනදා නඩුවක් පවතින බව සඳහන් කර නැහැ. මේක බරපතළ තත්ත්වයක්. සාමාන්‍ය පුද්ගලයෙකුට මේ ආකාරයෙන් වෛද්‍ය වාර්තාවක් ලබා ගන්න පුළුවන්ද? මෙය නඩුව චේතනාන්විතව කල්තබා ගැනීමේ අරමුණින් සිදුකළ ක්‍රියාවක්. අධිකරණය විසින් කරන ලද නියෝගයකට අනුව කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා විත්තිකාර චම්පික රණවක සම්බන්ධයෙන් පරීක්ෂණ 10 ක් පමණ සිදු කර තිබෙනවා. එම පරීක්ෂණ සියල්ලේම විත්තිකරුගේ සෞඛ්‍ය තත්ත්වය "සාමාන්‍ය" බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ නිසා නඩු විභාගය කල්දමා ගැනීමේ අරමුණින්ම විත්තිකරු මෙම ක්‍රියාව සිදුකර තිබෙන බව අපට පෙනී යනවා," යනුවෙනි.

"ස්වාමීනි.. මේ සඳහා එක්කෝ විත්තිකරු නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කර නඩු විභාගය පැවැත්විය යුතුයි. එසේත් නැතිනම් එම නඩුව දිනපතා විභාගයට ගත යුතුයි," යනුවෙන් ඉල්ලීමක් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා නඩු විභාගය කාර්යක්ෂමව හා කඩිනමින් පවත්වාගෙන යා හැකි නියෝගයක් නිකුත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒත් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කරුණු දැක්වූ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා විත්තිකරු හදිසියේ රෝගාතුරවීම නිසා ඔහුට රෝහල්ගත වීමට සිදුවූ බව සඳහන් කළේය.

විත්තිකරුට අසනීපයක් වූ විට රෝහල් ගත වන්නේ නඩුව කල් දමා ගැනීමේ අරමුණෙන් නොවන බවත් මෙය තමන්ට තවත් සාමාන්‍ය නඩුවක් බවත් ඔහු සඳහන් කර සිටියේය.

මෙම විත්තිකරුට හෙට දිනයෙත් වෛද්‍ය පරීක්ෂණයකට භාජනයවීමට නියමිතව සිටින බව සඳහන් කළ නීතිඥවරයා නඩු විභාගය කල්තබා ගැනීමේ චේතනාවක් ඔහු තුළ නොවූ බවත් සඳහන් කළේය.

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us