තේ වගාව වැඩිම අස්වැන්න සමඟ වැඩිම ආදායමත් 2021 දී වාර්ථාකරයි

Published in පුවත්
Friday, 21 January 2022 11:35

2021 වසරේ දී විවිධ අභියෝග හමුවේ මෙරට තේ කර්මාන්තයේ වර්ධනයක් වාර්තා වී තිබේ. එහිදී තේ නිෂ්පාදනය, අපනයනය මෙන්ම ආදායම්ද ඉහළ ගොස් ඇති බව තැරැව්කාර සමාගම් පෙන්වා දෙයි.

මෙරට තේ කර්මාන්තය කාලගුණ වෙනස මෙන්ම රසායනික පොහොර හිඟයට මුහුණ දෙමින් මෙම වර්ධනය වාර්තා කිරීම විශේෂත්වයකි. පොහොර ගැටළුව හේතුවෙන් විපක්ෂ මතධාරීන් දිගින් දිගටම කියා සිටියේ මෙරට තේ කර්මාන්තය මුළුමනින්ම පාහේ විනාශ වී යනු ඇති බවය. ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති නිසා මෙරට කෘෂි කර්මාන්තය විනාශ වී අපනයන වගාවන්ගෙන් ලැබෙන විදේශ විනිමය හිඟවීම සහ මෙරට මහා ආහාර හිඟයක් සිදුවන බවත් කියමින් සිටියද ඒ මේ වන විට පුස්සක් බවට පත්ව තිබේ.

2021 වසරේ දී මෙරට තේ නිෂ්පාදනය 2020 වසරට සාපේක්ෂව 7.35%කින් ඉහළ ගිය අතර, වසරේ මුල් නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 299.34කි.

කෙසේ නමුත් එය, 2019 වසරේ වාර්තා වූ කිලෝග්‍රෑම් මිලියන 300.12ක නිෂ්පාදනයට සාපේක්ෂව නාමික පහත වැටීමක් ලෙස සැළකිය හැකිය. 2021 වසරේ දී ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 286.02ක් අපනයනය කළ අතර, එය, 2020ට සාපේක්ෂව කිලෝග්‍රෑම් මිලියන 20.4ක ඉහළ යෑමකි.

එමෙන්ම 2021 වසරේ දී ශ්‍රී ලංකාව තේ අපනයනයෙන් රුපියල් බිලියන 263.35ක ආදායමක් උපයා ඇත්තේ 2020 වසරට වඩා රුපියල් බිලියන 33.18ක් උපයමිනි.

එමෙන්ම එය, ශ්‍රී ලංකාව මෙතෙක් වසරක දී තේ අපනයනයෙන් වැඩිම ආදායම, එනම් රුපියල් බිලියන 240.6ක් වාර්තා කළ 2019 වසරේ ආදායම් වාර්තාවද අභිබවවා ගොස් ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us