කලාකරුවන්ට නොමිලේ රක්ෂණාවරණයක්

Published in පුවත්
Friday, 21 January 2022 17:25

මෙරට සියලුම කලාකරුවන් වෙනුවෙන් නොමිලේ ජීවිත රක්ෂණයක් ප්‍රදානය කිරීමට ජාතික උරුම ප්‍රාසංගික කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

එහි සමාරාම්භක අවස්ථාව ඊයේ (20) අරලියගහ මන්දිරයේදී පැවැත්වුණි. ඒ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී සංකේතාත්මකව කලාකරුවන් 50 දෙනෙකු වෙනුවෙන් රක්ෂණ ඔප්පු ප්‍රදානය කෙරිණි.

එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙලෙස පැවැසීය.

අපේ රටේ කලාකරුවෝ මුළු ජීවිත කාලය පුරා ම කැපවෙන්නෙ කලාව වෙනුවෙන්. ඒ අය තමන් නියැලෙන ක්ෂේත්‍රයට ගෞරව කරනවා. ඒ වගේ ම ආදරය කරනවා. ඔවුන්ගේ ජීවිතයට බද්ධ වෙලා තියෙන්නෙ, මේ කලාව. ඔවුන් තමන්ගේ ආර්ථිකයට වඩා වැඩි වටිනාකමක් ලබා දුන්නේ කලාවට. පසුගිය කාලයේ අපි දන්නවා කොවිඩ් වසංගතය නිසා මේ අය නොයෙක් දුෂ්කරතාවලට මුහුණ දුන්නා. අපි මේ ගැන අවධානය යොමු කළා. අපේ විදුර වික්‍රමනායක රාජ්‍ය අමාත්‍යතුමා පෞද්ගලිකවත් ඒ ඒ කලාකරුවන් මුණ ගැහිලා ඒ අවශ්‍ය කටයුතු ඔවුන්ට ඉටුකර දෙන්න ඉදිරිපත් වුණා.

මොන තරම් දුෂ්කරතා තිබුණත් මේ කලාකරුවෝ, පහුගිය කාලේ ස්වෙච්ඡාවෙන් ම ඉදිරිපත් වෙලා ගෙදරට කොටු වෙච්ච ජනතාවගේ මනස සුවපත් කරන්න විවිධ කලා නිර්මාණවලට දායක වුණා. ඒ විතරක් නෙමෙයි, රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටි කොවිඩ් රෝගීන්ගේත් මනස සුවපත් කරන්න සෞඛ්‍ය අංශ සමඟ කළ කැපකිරීම අපට අමතක කරන්න බැහැ. එවැනි කලාකරුවන් ගැන අපට තියෙන්නේ මහා ආඩම්බරයක්.

ඒ නිසා තමයි, ඉතිහාසයේ ප්‍රථම වතාවට රජය විසින් වියදම් දරන ප්‍රේක්‍ෂා රක්ෂණාවරණයක් කලාකරුවන් උදෙසා හඳුන්වා දෙන්න අපට හැකි වුණේ. එදා නාට්‍ය ක්ෂේත්‍රයට සීමා වුණු වෛද්‍යාධාර හදිසි අනතුරු රක්ෂණාවරණය අද වෙනකොට සියලු කලාකරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක යෝධ වැඩපිළිවෙළක් බවට පත්ව තිබෙනවා. අපේ ආදරණීය කලාකරුවන්ගෙන් කිසිදු මුදලක් අය නොකර ලබා දෙන මේ රක්ෂණාවරණය කලාකරුවන් වෙනුවෙන් අපට දෙන්න පුළුවන් හොඳ ම තෑග්ගක් කියලයි අපි විශ්වාස කරන්නේ. මේ රක්ෂණය පිරිනමද්දි අපි එක් කලා ක්ෂේත්‍රයකට සීමා වුණේ නැහැ. ග්‍රාමීය කලා ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් පවා අපි විශේෂ අවධානයක් යොමු කළා. මේ වැඩපිළිවෙළේ තිබෙන සුවිශේෂී ජයග්‍රහණය එය බවයි, මා විශ්වාස කරන්නේ.

ස්ථිර ආදායම් මාර්ගයක් නැති අඩු ආදායම්ලාභී කලාකරුවන්ටත්, කොවිඩ් වසංගතය හමුවේ වෘත්තිය හා රැකියා සුරක්ෂිත බව අහිමි වූ කලාකරුවන්ටත් මෙම රක්ෂණාවරණයෙන් ප්‍රමුඛතාව හිමිවෙනවා. පහුගිය සමයේ කොවිඩ් මාරයාට ගොදුරු වීමෙන් අපේ රටේ කලාකරුවන් කිහිප දෙනෙකුට ජීවිත අහිමි වුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශවල විවිධ සීමාවන්ට යටත්වෙන්න සිදු වූ නිසා ඇතැම් කලාකරුවන්ට අවසන් ගෞරව දැක්වීමේ අවස්ථාව පවා අහිමි වුණා. අපි ඔවුන්වත් මෙවැනි අවස්ථාවක ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි.

සෑම කලාකරුවෙක් ම රටට සම්පතක්. ඔවුන් සමාජ යථාර්ථය විනිවිද දැක එය සිය නිර්මාණ ඔස්සේ ප්‍රතිනිර්මාණය කරනවා. කලාකරුවන්ටත් සමාජයේ අනෙකුත් ජනතාවට හිමි අයිතිය හිමියි. ඒ නිසා රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අත්විඳින්න කලාකරුවන්ට අයිතියක් තියෙන්න ඕන. මේ අයිතියත් කලාකරුවන්ගෙන් උදුර ගත් අඳුරු අතීතයක් අපේ රටේ තිබුණා. අද එවැනි තත්ත්වයක් නොමැති වුණත් ඒවා මුළුමනින් ම අමතක කරලා අපිට අනාගතයට පියනගන්න පුළුවන් කමක් නැහැ.
එදා කලාවට වාරණ පනවලා, අදහස් සීමා කරලා ඔබවත් පාලනය කරන්න කල්පනා කළ යල් පැන ගිය මතවාද ආපහු කරළියට ගේන්න ඔබට අවශ්‍ය නැති බව අපි දන්නවා.

එදා පටන් අද වන තුරු කවදාවත් අපි කලාවට සහ කලාකරුවන්ට සීමා පනවන්න ගියේ නැහැ. හෙටත් අපි ඒ ස්ථාවරයේමයි, වැඩ කරන්නෙ. අපි දන්නවා, සැබෑ කලාකරුවකුගේ හද ගැස්ම. මේ ගොඩක් අය මම ඒ කාලයේ ඉඳන් හඳුනන අය. ඒ නිසා ඔබේ හද ගැස්ම මම හොඳින් හඳුනනවා.

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us