කොළඹ වරාය නගරයේදී ගන්නා සෙල්ෆි වලට ගාස්තු අයවෙතැයි පැතිර යන කතා බොරුවක් !

Published in පුවත්
Monday, 24 January 2022 10:33

කොළඹ වරාය නගරයේ දී ලබාගන්නා පුද්ගලික ඡායාරූප සහ වීඩියෝ දර්ශන සඳහා ගාස්තු ගෙවිය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් මුළුමනින්ම අසත්‍ය බව එම ව්‍යාපෘති සමාගම පවසයි.

එහෙත් පෞද්ගලික උත්සව සහ වෘත්තීය/ වාණිජමය ඡායාරූප හා වීඩියෝ සඳහා ගාස්තු ක්‍රමවේදයක් මේ වනවිට හඳුන්වා දී ඇත. පසුගියදා කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මංතීරුව විවෘත කිරීමෙන් අනතුරුව එවැනි රූගත කිරීම් සම්බන්ධයෙන් ඉල්ලීම් විශාල ප්‍රමාණයක් ලැබීම නිසා ව්‍යාපෘති සමාගම එම තීරණය ගෙන තිබේ.

එමෙන්ම මෙලෙස ඡායාරූප ගැනීම සහ වීඩියෝ දර්ශන ලබාගැනීම මගින් ජනතාවට බාධා සිදුවන බවත්, එමගින් වරාය නගරයට පැමිණෙන සෙසු ජනතාවගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය වන බවත් ව්‍යාපෘති සමාගමට පෙනී ගොස් ඇත.
ජනතාවගේ ආරක්ෂාව මෙන්ම දැනට වරාය නගර තුළ සිදුවන ඉදිකිරීම් කටයුතු සැලකිල්ලට ගනිමින්, ජනතාවට සිදුවන බාධාවන් අවම කිරීම මෙන්ම, ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට වඩාත් හොඳ සේවාවක් ලබාදීම අරමුණු කරගෙන, නව ගාස්තු ව්‍යුහය සහ කාලසීමාවන් ප්‍රකාශයට පත්කර තිබේ.

කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පදික මංතීරුව පෙරවරු 9.00 සිට පස්වරු 6.00 දක්වා මහජනතාව වෙනුවෙන් විවෘතව පවතින අතර, මුදල් ගෙවා සිදුකරන ඡායාරූප ගැනීම් සහ වීඩියෝ දර්ශන ලබාගැනීම් කටයුතු, පෙරවරු 9.00 ට පෙර හෝ වෙනත් සුදුසු වෙලාවක යොදාගත හැකි වේ.

එහෙත් තම පෞද්ගලික ජංගම දුරකථන හෝ කැමරා භාවිතා කරමින් කොළඹ වරාය නගර පරිශ්‍රය තුළ පෞද්ගලික ඡායාරූප, වීඩියෝ හෝ සෙල්ෆි ඡායාරූප ලබාගන්නා පුද්ගලයන්ට මෙම ගාස්තු ක්‍රමවේදය අදාළ නොවන බව ව්‍යාපෘති සමාගම අවධාරණය කරයි. එමෙන්ම පිළිගත් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ආයතන වලට, වාණිජ නොවන ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු සඳහා, අදාළ අංශ වලින් නිසි අවසරය ලබාගැනීමෙන් අනතුරුව, කොළඹ වරාය නගර පරිශ්‍රය තුළ කිසිඳු මුදල් ගෙවීමකින් තොරව ඡායාරූප හෝ වීඩියෝ දර්ශන ලබාගත හැකි වේ.

පෞද්ගලික උත්සව, විවාහ මංගලෝත්සව, නිෂ්පාදන හෝ විලාසිතා ප්‍රවර්ධන කටයුතු, ගීත රූප රචනා, වෙළඳ දැන්වීම් හෝ වෙනත් වාණිජ අරමුණු සඳහා සිදුකරන ඡායාරූප ගැනීම් හෝ වීඩියෝ පටිගත කිරීම් සඳහා පමණක් නව ගාස්තු ක්‍රමවේදය අදාළ වනු ඇත. මෙමගින් ලැබෙන ආදායම, කොළඹ වරාය නගරයේ පොදු ස්ථාන කළමනාකරණය කරන Estate Management Company (EMC) සමාගම වෙත බැර වන අතර එම මුදල් නඩත්තු කටයුතු (මහජන උද්‍යාන, වැසිකිළි, කසළ ඉවත් කිරීම වැනි) සඳහා භාවිතා කෙරේ.

කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය, ගොල්ෆ් ක්‍රීඩාංගණය, වෙරළ උද්‍යානය සහ ATV ධාවන පථය වැනි ස්ථාන මීට පෙර සිටම මුදල් ගෙවීමේ පදනම මත, ඡායාරූප හෝ රූපගත කිරීම් සඳහා එකී පෞද්ගලික සේවා සම්පාදන සමාගම් ඔස්සේ ජනතාවට විවෘතව පැවතිණි.

-පංචාලි අබේසේකර

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us