වසංගතයේ අදුරු සෙවණැලි මැකූ නායකයා !

Published in පුවත්
Friday, 28 January 2022 22:48

ජාති කුල මල ආගම් භේදයකින් තොරව අද මෙරට සියලු පුරවැසියන්ට සුවිශේෂී දිනයකි. ඒ මෙරට එන්නත්කරණයට අද වන් දිනෙක වසරක් පිරෙන නිසාය. වසරක් තුළ අප මේ ලැබුවා වූ ජයග්‍රහණය පුරවැසියන් ලෙස අප සැහැල්ලු සිතින් භුක්ති වින්දද , මේ කඩයිමට පැමිණෙන්න රටේ නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළ කැපවීම සුළුපටු නොවේ..

2021 ජනවාරි 28 වැනිදා ශ‍්‍රී ලංකාවට කොවිඩ් මර්දන එන්නත් ලෙස ඉන්දියාවෙන් ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 10ක් ලැබුණ අතර ඉන් පළමු මාත‍්‍රාව ජනවාරි 29 වැනිදා මුල්ලේරියාව බෝවන රෝග ජාතික මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජයවික‍්‍රම මහතාට ලබා දෙමින් ලංකාවේ කොරෝනා මර්දන එන්නත් වැඩසටහන ආරම්භ කළ කරනු ලැබිය.

පළමු කොවිඩ් රැල්ලේ පටන් වත්මන් ජනාධිපතිවරයා පුරවැසියාගේ ජිවිත සුරක්ෂා කිරීමේ බර කරට ගෙන ක්‍රියා කරන විට ,මිනිස් ජිවිත පිළිබදව කිසිදු හැගීමක් දැනීමක් නොමැති විපක්ෂය ප්‍රමුඛ පක්ෂ කණ්ඩායම් සිදු කළේ මේ රට තව තවත් අගාදයට ඇද දැමීමට මාන බැලීම පමණක් බව කණගාටුවෙන් වුවද කීමට සිදු වේ.

පසු ගිය වසරේ එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කරන විට ඊට විරුද්ධව විපක්ෂය විවිධ චෝදනා නැඟීම සිදු කළ අතර රජයට එන්නත් ගෙන ඒමට මුදල් නොමැති බවටත් සියලු රටවල් තරහ කර ගෙන ලෝකය හමුවට යා නොහැකි තත්ත්වයක් උදා කරගෙන ඇති බවටත් චෝදනා එල්ල කර තිබෙන වකවානුවක එම චෝදනා මධ්‍යයේ වුවත් රජය ජනතාව ආරක්ෂා කර ගැනීමට එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කළේය. අද වන විට එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව ප්‍රමුඛ ස්ථානයකට පැමිණ සිටින අතර මේ වන විට එන්නත් මිලියන 51 ක් මෙරටට ගෙන්වා ජනතාවට දීමට රජය කටයුතු කර තිබේ.

අදත් විපක්ෂය බූස්ටර් එන්නත ගැන විවිධ බොරු ප්‍රචාරයන් ගෙන යමින්, බූස්ටර් එන්නත ගත්විට අතුරු ආබාධ මතු වන බව හා විවිධ අමාරුකම් ඇති බව පවසමින් බූස්ටර් එන්නත ගැනීම වැළැක්වීමේ උත්සාහයක යෙදෙමින් සිටි.

කෙසේවෙතත් අවදානම් කාණ්ඩ අනුව මෙරට එන්නත් ලැබිය යුතු පිරිසෙන් සියයට 90% කට ආසන්න පිරිසකට මේ වන විටත් එන්නත් ලබාදී අවසන්ය..තෙවැනි මාත‍්‍රාව හෙවත් බූස්ටර් එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 50ක් මේ වනවිට ලබාදී ඇති අතර වයස අවුරුදු 12-15ත් අතර ළමුන්ට ද ෆයිසර් එන්නත ලබාදීම ඉකුත් 07 වැනිදා සිට ආරම්භ කර තිබේ.

එන්නත්කරණයට වසරක් සපිරෙන අදවන් දිනෙක අප රටක් ලෙස ලබා ගත් ප්‍රගතිය පිළිබදව ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස හදවතින්ම සතුටු විය යුතුය..එයට මුල පිරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෘජු නායකත්වයත් මෙරට සෞඛ්‍ය අංශ මෙන්ම ත්‍රිවිධ හමුදාවත් අප මේ මොහොතේ කෘතවේදිව සිහිකළ යුතුය. රටක රාජ්‍ය නායකයන් පුරවැසියාට වගවිය යුතුය.. පුරවැසියා ඉදිරියේ රාජ්‍ය නායකයන් දිවුරුම් දෙන්නේ ඒ නිසාය..එම වගවීම සැමවිටම පුරවැසියාගේ ජිවිත සුරක්ෂා කිරීම මත රදා පවතී. එය යුද්ධයකදී හෝ වේවා වසංගතයකදී හෝ වේවා වෙනයම් රටට සිදුවන උපද්‍රවයකදී හෝ වේවා ඒ සෑම අවස්ථාවකදීම පුරවැසියාගේ ජිවිත සුරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ රටේ නායකයාටය ..එය මැනවින් ඉටුකරමින් රට සෞභාග්‍ය කරා ගෙන යන නායකත්වයක් දැන් අපට ලැබී ඇත. නියම ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස අප කළ යුත්තේ එම නායකත්වයට සහාය දීම පමණය.

-පංචාලි

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us