වසංගතයේ අදුරු සෙවණැලි මැකූ නායකයා !

Published in පුවත්
Saturday, 29 January 2022 06:13

ජාති කුල මල ආගම් භේදයකින් තොරව අද මෙරට සියලු පුරවැසියන්ට සුවිශේෂී දිනයකි. ඒ මෙරට එන්නත්කරණයට අද වන් දිනෙක වසරක් පිරෙන නිසාය.

වසරක් තුළ අප මේ ලැබුවා වූ ජයග්‍රහණය පුරවැසියන් ලෙස අප සැහැල්ලු සිතින් භුක්ති වින්දද , මේ කඩයිමට පැමිණෙන්න රටේ නායකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා සිදු කළ කැපවීම සුළුපටු නොවේ..2021 ජනවාරි 28 වැනිදා ශ‍්‍රී ලංකාවට කොවිඩ් මර්දන එන්නත් ලෙස ඉන්දියාවෙන් ඇස්ට‍්‍රාසෙනිකා එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 10ක් ලැබුණ අතර ඉන් පළමු මාත‍්‍රාව ජනවාරි 29 වැනිදා මුල්ලේරියාව බෝවන රෝග ජාතික මධ්‍යස්ථානයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජයවික‍්‍රම මහතාට ලබා දෙමින් ලංකාවේ කොරෝනා මර්දන එන්නත් වැඩසටහන ආරම්භ කළ කරනු ලැබිය.

පළමු කොවිඩ් රැල්ලේ පටන් වත්මන් ජනාධිපතිවරයා පුරවැසියාගේ ජිවිත සුරක්ෂා කිරීමේ බර කරට ගෙන ක්‍රියා කරන විට ,මිනිස් ජිවිත පිළිබදව කිසිදු හැගීමක් දැනීමක් නොමැති විපක්ෂය ප්‍රමුඛ පක්ෂ කණ්ඩායම් සිදු කළේ මේ රට තව තවත් අගාදයට ඇද දැමීමට මාන බැලීම පමණක් බව කණගාටුවෙන් වුවද කීමට සිදු වේ.

පසු ගිය වසරේ එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කරන විට ඊට විරුද්ධව විපක්ෂය විවිධ චෝදනා නැඟීම සිදු කළ අතර රජයට එන්නත් ගෙන ඒමට මුදල් නොමැති බවටත් සියලු රටවල් තරහ කර ගෙන ලෝකය හමුවට යා නොහැකි තත්ත්වයක් උදා කරගෙන ඇති බවටත් චෝදනා එල්ල කර තිබෙන වකවානුවක එම චෝදනා මධ්‍යයේ වුවත් රජය ජනතාව ආරක්ෂා කර ගැනීමට එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කළේය. අද වන විට එන්නත්කරණයෙන් ශ්‍රී ලංකාව ප්‍රමුඛ ස්ථානයකට පැමිණ සිටින අතර මේ වන විට එන්නත් මිලියන 51 ක් මෙරටට ගෙන්වා ජනතාවට දීමට රජය කටයුතු කර තිබේ.

අදත් විපක්ෂය බූස්ටර් එන්නත ගැන විවිධ බොරු ප්‍රචාරයන් ගෙන යමින්, බූස්ටර් එන්නත ගත්විට අතුරු ආබාධ මතු වන බව හා විවිධ අමාරුකම් ඇති බව පවසමින් බූස්ටර් එන්නත ගැනීම වැළැක්වීමේ උත්සාහයක යෙදෙමින් සිටි.

කෙසේවෙතත් අවදානම් කාණ්ඩ අනුව මෙරට එන්නත් ලැබිය යුතු පිරිසෙන් සියයට 90% කට ආසන්න පිරිසකට මේ වන විටත් එන්නත් ලබාදී අවසන්ය..තෙවැනි මාත‍්‍රාව හෙවත් බූස්ටර් එන්නත් මාත‍්‍රා ලක්‍ෂ 50ක් මේ වනවිට ලබාදී ඇති අතර වයස අවුරුදු 12-15ත් අතර ළමුන්ට ද ෆයිසර් එන්නත ලබාදීම ඉකුත් 07 වැනිදා සිට ආරම්භ කර තිබේ.

එන්නත්කරණයට වසරක් සපිරෙන අදවන් දිනෙක අප රටක් ලෙස ලබා ගත් ප්‍රගතිය පිළිබදව ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස හදවතින්ම සතුටු විය යුතුය..එයට මුල පිරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සෘජු නායකත්වයත් මෙරට සෞඛ්‍ය අංශ මෙන්ම ත්‍රිවිධ හමුදාවත් අප මේ මොහොතේ කෘතවේදිව සිහිකළ යුතුය. රටක රාජ්‍ය නායකයන් පුරවැසියාට වගවිය යුතුය.. පුරවැසියා ඉදිරියේ රාජ්‍ය නායකයන් දිවුරුම් දෙන්නේ ඒ නිසාය..එම වගවීම සැමවිටම පුරවැසියාගේ ජිවිත සුරක්ෂා කිරීම මත රදා පවතී. එය යුද්ධයකදී හෝ වේවා වසංගතයකදී හෝ වේවා වෙනයම් රටට සිදුවන උපද්‍රවයකදී හෝ වේවා ඒ සෑම අවස්ථාවකදීම පුරවැසියාගේ ජිවිත සුරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ රටේ නායකයාටය ..එය මැනවින් ඉටුකරමින් රට සෞභාග්‍ය කරා ගෙන යන නායකත්වයක් දැන් අපට ලැබී ඇත. නියම ශ්‍රී ලාංකීය පුරවැසියන් ලෙස අප කළ යුත්තේ එම නායකත්වයට සහාය දීම පමණය.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us