ගමේ සැබෑ පෙරළිය ඇරැඹේ..

Published in පුවත්
Tuesday, 01 February 2022 12:18

 මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් 2022 වර්ෂයේ අය-වැය යෝජනා යටතේ ඉදිරිපත් කළ ‘අය-වැයෙන් ගමට’ වැඩසටහන යටතේ රට පුරා සංවර්ධන ව්‍යාපෘති ලක්ෂයක් ආරම්භ කිරීම ලබන තුන්වැනිදා පෙරවරු 8.52ට යෙදෙන සුබ මොහොතින් දිවයින පුරා සියලු දිස්ත්‍රික්කවලදී ආරම්භ කෙරෙයි.

 

‘අයවැයෙන් වැඩ ලක්ෂයක්‘ ලෙසින් නම් කොට ඇති මෙම වැඩසටහන යටතේ අය-වැය යෝජනාවලට අනුව සංවර්ධන ව්‍යාපෘතිවලට දෙන ප්‍රතිපාදන උපරිම කාර්යක්ෂම අයුරින් ජනතාවගේ අවශ්‍යතාව අනුව යෙදවීමට රජය අපේක්ෂා කරයි.

අවම වශයෙන් එක් ග්‍රාම සේවා වසමකට සංවර්ධන ව්‍යාපෘති පහක් ක්‍රියාත්මක වන ආකාරයෙන් ‘අයවැයෙන් වැඩ ලක්ෂයක්‘ වැඩසටහන දියත් කරනු ලබයි. එම සංවර්ධන කටයුතු කරනු ලබන ආකාරය ක්‍රමවත්ව සහ වඩාත් පලදායි අයුරින් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පසුගිය මාසය පුරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් සහ රජයේ නිලධාරින් සමඟ දිවයිනේ මැතිවරණ ආසන සහ ග්‍රාම සේවා කොට්ඨාස මට්ටමින් සාකච්ඡා මාලාවක් පවත්වනු ලැබීය.

ගම සංවර්ධනය කිරීම වත්මන් ආණ්ඩුවේ ආර්ථික සංවර්ධන මූලෝපාය වී ඇති අතර මෙමගින් දළ දේශීය නිෂ්පාදනය සඳහා ග්‍රාමීය ප්‍රදේශවලින් වැඩි දායකත්වයක් අපේක්ෂා කරයි.

එසේම කොවිඩ් 19 තත්වය හමුවේ මෙරට නිශ්පාදන කර්මාන්ත අඩපණ වීම වලක්වාලමින් නව ජවයකින් ඒ හළි ගොඩනැංවීමද ආහාර සම්බන්ධයෙන් ඇතිව තිබෙන හිඟ තාවය කඩිනමින් දුරලීමටද මෙම ව්‍යාපෘතිය මඟින් බලාපොරොත්තු තබා ඇත.

පසුගියදා මේ සම්බක්ධයෙන් අදහස් දක්වමින් රට තුළ කිසිම ආකාරයකින් සාගතයක් ඇති වීමට ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

මෙවර අයවැයෙන් එක් එක් අමාත්‍යාංශය සඳහා වෙන් කරන මුදලට අතිරේකව ඒ ඒ අමාත්‍යාංශය ඉදිරිපත් කර ඇති නිෂ්පාදන ආර්ථිකයට අදාළ විවිධ ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 25000ක් වෙන් කර ඇති බවද මුදල් අමාත්‍ය අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය.

"සමහර උදවිය රටේ ආහාර හිඟයක් සමඟ සාගතයක් ඇති වන බව සඳහන් කරමින් නොයෙක් විදියේ ප්‍රකාශන කරනවා. ඒ අය බලාපොරොත්තු වන ආකාරයට රටේ සාගතයක් ඇති වෙන්න ඉඩ තබන්නේ නෑ. අපි මෙවර අය වැයෙන් වැඩිපුර අවධානය යොමු කර තිබෙන්නේ නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කීරිමටයි. මෙවර අය වැයෙන් ගමට මුදල් යන ක්‍රමයක් හදලා තියෙනවා. ගම් මට්ටමෙන් කොට්ඨාස හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මෙවර මුදල් වෙන් කර දී තිබෙන්නේ නිෂ්පාදන අංශ වැඩි දියුණු කිරිමේ අවධානයෙන් යුතුව යැයිද බැසිල් රාජපක්ෂ මහතා කීවේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us