සංචාරකයින්ගේ සුවිශාල වර්ධනයක් !

Published in පුවත්
Monday, 31 January 2022 11:37

මේ වසරේ ජනවාරි මාසයේ දී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 75,000 ඉක්මවයි. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ පසුගිය ජනවාරි මස 01 වෙනිදා සිට 29 වන දා දක්වා සංචාරකයන් 76,538 දෙනෙකු පැමීණ ඇති බවයි.

මෙම කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයන්ගෙන් 12,368 දෙනෙකු ම පැමිණ ඇත්තේ රුසියානු සමුහාන්ඩුවෙනි. ඉන්දියාවෙන් 11,028 දෙනෙකු පැමිණ ඇති අතර යුක්රේනයෙන් 7,427 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. එම දින 29 තුළ එක්සත් රාජධානියෙන් සංචාරකයන් 6,929 දෙනෙකු පැමිණ ඇති අතර ජර්මනියෙන් 4,902 ක්, ප්‍රංශයෙන් 3,337 මෙරටට පැමිණ තිබේ. මීට අමතරව පෝලන්තය, ඕස්ට්‍රේලියාව, මාලදිවයින හා කසකස්ථානය යන රටවලින් ද සංචාරකයන් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ අලුත්ම වාර්තා සදහන් කරයි.

පසුගිය වසරේ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 194,495 කි. එම වසරේ ජනවාරි මාසයේ දි ශ්‍රි ලංකාවට පැමිණ ඇත්තේ සංචාරකයන් 1,682 කු පමණයි. ලක්ෂ 11 කට වැඩි සංචාරකයන් මේ වසරේ දි මේ වසරේ දි මෙරටට පැමිනෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. එය වැඩි කරගැනීම සදහා රජය කෙටි කාලීන, මධ්‍ය කාලීන මා දිගු කාලීන වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර ඇතැයි ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කරයි. කොවිඩ් ඔමික්‍රෝන් ප්‍ර භේදයේ පැතිර යාමත් සමග ලෝකයේ සංචාරක ව්‍යාපාරයට යළි බාධාවන් එල්ල වි තිබුණ ද ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩපිළිවෙලේ සාර්ථකත්වයත් සමග සංචාරකයන්ගේ වැඩි අවධානය ශ්‍රී ලංකාවට යොමුව ඇතැයි ද ඇමතිවරයා සදහන් කරයි.

ලෝකයේ ශීඝ්‍රයෙන් දියුණු වන කර්මාන්ත අතුරින් සංචාරක කර්මාන්තයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වර්තමානය වන විට ලොව බොහෝ රටවල ප්‍රධානතම ආදායම් මාර්ගය බවට සංචාරක කර්මාන්තය පත්ව තිබේ. එහෙත් 2020 වසරේදී ලෝ පුරා සංචාරකයන්ට මුහුණ දෙන්නට සිදු වූයේ නොසිතූ අකරතැබ්බයකටය.
චීනයෙන් ආරම්භ වී සෑම රටකම පාහේ පැතිර ගිය කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බොහෝ රටවල් වසා දැමුණු අතර සංචාරයට තහංචි වැටිණි. රට රටවල් අතර තබා අල්ලපු නිවෙසටවත් යා ගත නොහැකි ආකාරයට රටවල් ලොක්ඩවුන් කිරීමට පාලකයන් පියවර ගෙන තිබුණි. මේ නිසා 2020 වසර තුළ සංචාරක කර්මාන්තය මෑතකාලීන ඉතිහාසයේ මෙතෙක් අත්නොදුටු ආකාරයේ පසුබෑමකට ලක් විය.

මෙම තත්ත්වයෙන් ගැලවීමට ශ්‍රී ලංකාවටද හැකියාවක් ලැබුණේ නැත. ශ්‍රී ලංකාවේ ලක්ෂ 30ක පමණ සෘජු හා වක්‍ර යැපෙන්නෝ ප්‍රමාණයක් සංචාරක කර්මාන්තය හා බැඳී සිටිති. මෙරට ප්‍රධානතම ආදායම් මාර්ග අතරින් එකක් වන සංචාරක කර්මාන්තයෙන් 2018 වසරේදී ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් බිලියන 4.3ක් උපයන්නට සමත්විය. කොවිඩ් වසංගතයටත් පෙර මෙරට සංචාරක කර්මාන්තයට කණකොකා හඬා තිබුණේ 2019 වසරේදී එල්ල වූ පාස්කු දා ත්‍රස්ත ප්‍රහාරයත් සමඟය.

එහෙත් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් අදහස් දක්වමින් යෝජනා කර තිබුණේ ඩොලර් බිලියන 10ක ආදායමක් එම ක්ෂේත්‍රයෙන් ඉපැයීමට බලාපොරොත්තු වන බවය.
වර්ෂ 2030 වන විට මෙරටට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මිලියන 70 දක්වා ඉහළ දැමීම තුළින් ඩොලර් බිලියන 10 ආදායමක් ඉපැයීමට ඔහු සැලසුම් කර තිබුණි. 2020 නව වර්ෂය ආරම්භ වන්නේ එවන් බලාපොරොත්තු සහිතවය. එහෙත් 2019 දෙසැම්බර් වන විට කොවිඩ් 19 වසංගතය එම බලාපොරොත්තු වර්ෂයකින් ආපස්සට ගෙන යාමට සමත්විය. සංචාරක ව්‍යාපාරය මුහුණදුන් අර්බුදය රටේ ආර්ථිකයට සෘජුව බලපාන අතරම ඉන් යැපුණු ලක්ෂ 20ක පමණ පිරිසකට ආදායම් මාර්ග අහිමිව තිබීමත් නොසලකා හැරිය නොහැකි විය. සංචාරක කර්මාන්තයේ බිඳැවැටීම තරාතිරම් භේදයකින් තොරව සියලු දෙනාටම එකහා සමානව බලපෑවේය.
එහෙත් ඒ සියලු අභියෝග මැද වත්මන් ආණ්ඩුව කඩා වැටුණ සංචාරක ක්ෂේත්‍රය නැවත පණ ගැන්වීමට කළ හැකි සෑම දෙයක්ම මේ වන විටත් කරමින් පවතී. ඒ අනුව එහි ප්‍රතිපල අප දැන් දැන් භුක්ති විදිමින් සිටි..

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us