අධිවේගයේ අනතුරු වැඩිවෙලා..අඩුකරන්න පියවර !

Published in පුවත්
Monday, 07 February 2022 12:46

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය තුල මේ වන විට බහුල වශයෙන් රිය අනතුරු සිදු වන අතර 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂය තුල සිදු වූ රිය අනතුරු සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.

මාස 6 ක් ඇතුලත අධිවේගී මාර්ග වල සිදුවන රිය අනතුරු වලක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චින්තක ගුණරත්න මහතාට මෙහිදී අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත.

2021 වර්ෂයේ දී අධිවේගී මාර්ග වල සිදු වූ සමස්ථ රිය අනතුරු සංඛ්‍යාව 461 වේ. 2020 වර්ෂය තුල අධිවේගී මාර්ග වල මාරක රිය අනතුරු ද සහිතව සිදු වූ සමස්ථ රිය අනතුරු සංඛ්‍යාව 308 කි. 2020 වර්ෂය තුල මාරක රිය අනතුරු 05 ක් ගැලනිගම සහ කුරුඳුගහහැතැක්මේදී සිදු වූ අතර එයින් 05 දෙනෙකු ජීවිතක්ෂට පත් විය.

අධිවේගී මාර්ග වල සිදු වූ රිය අනතුරු වලින් බහුතරයක් සිදු වී ඇත්තේ රියදුරුට නින්ද යාම නිසා බැවින් රියදුරන්ට අධිවේගී මාර්ග වල ගිමන් හැරීම සඳහා ගිමන් හරින ස්ථාන ඉදිකිරීම කෙරෙහි අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ අවධානය යොමු වි ඇත.

-පංචාලි අබේසේකර

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us