මත්තල සුදු අලියෙකු නොවේ.. රටේ බර අදින හස්ති රාජයෙකි.

Published in පුවත්
Thursday, 10 February 2022 12:11

පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ යුගයේදී මත්තල ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොළ ගොඩනැගීමේදී එම ව්‍යාපෘතියට එරෙහිව මහා ඝෝෂාවක් නඟමින් එම ව්‍යාපෘතිය සුදු අලියෙක් බවත්, රට වැඩකට නැති රට ණය බරෙන් පුරවන ව්‍යපෘතියක් බවත් කියමින් එදා විපක්ෂ කොටස් විසින් විශාල ප්‍රචාරයක් ගෙන ගියා.

රටක අනාගත දියුණුව ගැන කල්පනා නොකර එදා වේල ගැන විතරක කල්පනා කළ නිහීන, කුහක, මුග්ධ සහ තක්කඩි මිනිසුන්ට අනුව මේ මත්තල ගුවන් තො‍ටුපොළ ඉදිකිරීම වැලැක්විය යුතුව තිබුණා. ක‍ටුනායක ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොළ තිබියදී රටට තවත් ගුවන් තො‍ටුපොළක් මොකටදැයි මේ අය ප්‍රශ්න කළා. අද මේ ප්‍රශ්න වලට නිසි පිළිතුරු ලැබී තිබෙනවා.

වත්මන් රජය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තව දුරටත් සක්‍රීය ගුවන්තොටුපොළක් බවට පත් කිරීමේ ක්‍රියාමාර්ග මේ වන විටත් විධිමත් කර තිබෙනවා. පසුගිය වසරේදී පමණක් මෙම ගුවන්තොටුපොළෙන් ගුවන් මගී මෙහෙයුම් 33,000 කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මක කළා.

මෙම වසර තුළදී එම ගුවන් මෙහෙයුම් ආරම්භ කෙරෙනු ඇති. පසුගිය වසරේදී පමණක් මෙහි මගී මෙහෙයුම් 32,957 ක් හා ගුවන් යානා මෙහෙයුම් 722 ක් ක්‍රියාත්මක කර තිබෙනවා. මෙම වසරේදී මත්තල ජාත්‍යන්තර ගුවන් ගුවන්තොටුපොළෙන් සංචාරකයන් 2919 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

මේ අතර උස්බෙකිස්ථානයේ නව ගුවන් සමාගමක් ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කළා. ඒ අනුව උස්බෙකිස්ථාන් සංචාරකයින් 138 දෙනෙකු රැගත් උස්බෙකිස්ථාන් එයාර්වේස් ගුවන් සමාගමට අයත් විශේෂ ගුවන් යානයක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියා. එම සංචාරකයින් පිළිගැනීම සදහා උත්සවයක් ද පැවැත්වුණා. ඒ අනුව අද සිට උස්බෙකිස්ථානය ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් ආරම්භ කළ බව ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා ප්‍රකාශ කරනවා. මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ජාත්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට ලොව ප්‍රමුඛ පෙලේ තවත් ගුවන් සමාගම් කිහිපයක් සමග සාකච්ඡා කරමින් සිටින බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසා සිටිනවා.

එදා යහපාලකයෝ තවත් ගුවන් තො‍ටුපොළක් මොකටදැයි ප්‍රශ්න කළේ එහි ඇති වැදගත්කම, මතු ප්‍රයෝජනය ගැන මොකවත් නොදැන හෝ දැන දැනම එය කඩාකප්පල් කිරීමේ වුවමණාව මතයි. මහින්ද රාජපක්ෂ යුගය කියන්නේ මේ රටේ අනාගත සංවර්ධනය ගැන බොහෝ දුර දිග සිතා වැඩ කළ පාලන සමයක්. එදා අධිවේග මාර්ග පද්ධතිය හදන කොට, හම්බන්තොට වරාය හදන කොට, කොළඹ වරාය නගරය හදන කොට, නෙළුම් කුළුන හදන කොට, ඒ තබා නෙළුම් පොකුණ රඟහල හදන කොට පවා මේවා මොකටද මේ ලංකාවට යැයි ප්‍රශ්න කළ මුග්ධයෝ සහ තක්කඩි සිටියා. එහෙත් අද මේවායේ ඇති ප්‍රයෝජනය වැදගත්කම ඇස් පනා පිටම පෙනෙන්න තිබෙනවා.

පසුගිය යහපාලන කාලයේදී මේ ඇතැම් සංවර්ධන ව්‍යාපෘති නතරකර දමන්නට පවා උත්සහ ගත්තා. මත්තලට ගුවන් යානා එන්නෙ නැතැයි කියමින් මත්තල වී ගබඩාවක් බවට පත් කර ඒ විනාශ කළේ යහපාලන යුගයේදී. නව ගුවන් තො‍ටුපොළකට නිකම් ගුවන් යානා එන්නේ නැහැ. ඒවා කතාකර ගෙන්වා ගත යුතුයි. ඒ ගැන ප්‍රවර්ධන කටයුතු කර, වැඩි පහසුකම් සලසා, ඒ ආකර්ශනීය තැනක් බවට පත්කර, ලෝකේ වටෙන්ම මඟී සහ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා ගෙන්වා ගත යුතුයි. එහෙත් යහපාලුවන්ට එහෙම දැනුමක් වුවමණාවක් තිබුණේ නැහැ. හම්බන්තොට වරාය චීනයට බදු දුන්නා සේ මේ ගුවන් තො‍ටුපොළත් ඉන්දියාවෙන් තුට්‍ටු දෙකක් බලාගෙන බදු දී, අත පිහ දමා ගැනීමේ උත්සාහයක්ද එදා ක්‍රියාත්මක වුණා මතක ඇති.

එහෙත් අද මේ මොහොත වන විට මත්තල ලාබ ලබන ගුවන් තො‍ටුපොළක් බවට පත්වී හමාරයි. වැදගත්ම දේ කොවිඩ් වසංගතය අතරතුර ලාබ ලැබීමය.
2014 වසරේදී රුපියල් ලක්ෂ 1362ක් වූ ආදායම යහපාලන ආණ්ඩුව භාරගැනීමෙන් පසුව 2015 වසරේදී රුපියල් 710ක් දක්වා සියයට පනහකින් පමණ පහත වැටිණි. 2019 වසරේ ආදායම රුපියල් ලක්ෂ 170කි. වසංගත තත්වය හමුවේත් 2020 වසරේදි රුපියල් බිලියනයකට ආසන්න ආදායමක් උපයා ගැනීමට වත්මන් රජය සමත්වී තිබීම මත්තල යනු සුදු අලියෙක් නොව අනාගත්යේදී රටේ බර අදින දැවැන්ත හස්ති රාජයෙක් වන බවට සළකුණක් බව අද ඔප්පු කර තිබේ.

-පංචාලි

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us