විදුලිය බිඳවැටීම මාෆියාවක් ද ?

Published in පුවත්
Thursday, 17 February 2022 18:45

රටක සෑම අංශයක්ම අත්‍යවශ්‍ය සේවා ලෙස බැලීමේ වරදක් නැත. රටක් ලෙස පෙරට ගමන් කරන විට සෑම අත්‍යවශ්‍ය සේවාවක් කෙරේම අවධානය යොමු කර කටයුතු කළ යුතුය.

කොවිඩ් වසංගතයේ බලපෑම මුළු ලොවටම මෙන්ම අප රටට ද අභියෝග රාශියක් එල්ල කර ඇත. එවන් තත්ත්වයක් තුළ රටේ සෑම අංශයක්ම සමබර කර ගනිමින්, ඩොලර් හිඟයට මුහුණ දෙමින් රටක් ලෙස දුෂ්කර කාලයක් පසු කරන විට, සෑම පාර්ශ්වයක්ම රජයේ වැඩපිළිවෙළට සහය දෙමින් කටයුතු කළ යුතුය. මේ නිසා අත්‍යවශ්‍ය සේවා සපයන්නන් පමණක් නොව, අනෙකුත් සේවාවල නියැළී කටයුතු කරන සේවකයන් මෙන්ම, වගකිවයුත්තන් ද ඒ ගැන හොඳින් සලකා බලා ක්‍රියා කළ යුතුය.

මේ දිනවල දැඩි කතා බහකට ලක්ව ඇති මාතෘකාවක් ලෙස විදුලිය බිඳවැටීම් සඳහන් කළ හැකිය. එයට හේතුව නිරතුරුවම සිදු වන විදුලිය කප්පාදුවය. එයට හේතු ලෙස දක්වන්නේ ඉන්ධන පිළිබඳ ගැටලුවය. ඒ අතර බොර දියේ මාළු බාන පිරිසක් ද සිටිති. ඒ ගැන අදහස් දක්වන පිරිස් පවසන්නේ වෙනම කතාවකි. එනම් විදුලිය හිඟයක් ඇති කිරීමට කලින් කලට මණ්ඩලයේ නිලධාරී මට්ටමේ සිටින එක්තරා කණ්ඩායමක් වැඩ කරන බවය. එය හඳුන්වා දෙන ජනප්‍රිය වචනය බවට පත්ව ඇත්තේ ‘විදුලිය මාෆියාව’ යන වචනයයි. එවැනි තත්ත්වයන් වැළැක්වීමට අත්‍යවශ්‍ය සේවා කොන්දේසි පනවා හෝ වැඩ කිරීම හොඳය. මෙය සේවක අයිති ගැන ප්‍රශ්නයක් නොවේ. දේශපාලන ප්‍රශ්නයක් ද නොවේ. එය අත යටින් රුපියල් මිලියන ගණන් එහෙ මෙහෙ වන මාෆියාවකි. එය කුමන පාලනයක්, කුමන ආණ්ඩුවක් බලයේ සිටිය ද සිදුවන්නකි.

කොවිඩ් ව්‍යසනය නිසා රට විවිධ ආර්ථික පසුබෑම්වලට ලක් වූ බව අපි දනිමු. එවන් මොහොතක ඒ ගැන ද අවබෝධයක් සහ අවධානයක් ඇතිව ජනතාව වැඩ කළ යුතුය. එය තම අයිතිවාසිකම් අමතක කර ආණ්ඩුට හීලෑ වීමක් නොවේ. අභිමානය බිඳවැටීම පිළිබඳ ගැටලුවක් ද නොවේ. තමන්ගේ වගකීම නිසි ලෙස ඉටු කිරීමකි. අවශ්‍ය නම් මහජනතාවට හානියක් නොවන ලෙස, ඔවුනට කරදරයක් නොවන ලෙස උද්ඝෝෂණ, වෘත්තීය ක්‍රියාමාර්ග ගත හැකි ක්‍රම තිබේ. එසේ කටයුතු කිරීම තුළ තම අයිතින් මෙන්ම මහජන පීඩාව ද කළමනාකරණය කළ හැකිය. අත්‍යවශ්‍ය මහජන සේවා කඩාකප්පල් නොකර, අයිතිවාසිකම් ද දිනා ගත හැකිය. අධ්‍යාපන, සුව සේවා, විදුලිය, තෙල්, වරාය සේවා යනු රටක දියුණුවට සහ ආර්ථික ස්ථාවරභාවයට අනිවාර්යයෙන්ම තිබිය යුතු සේවාය. එම සේවා කඩාකප්පල් නොකර වැඩ කිරීම, මේ මොහොතේ පමණක් නොව, හැමදාමත් කළ යුතු කටයුත්තකි. අත්‍යවශ්‍ය සේවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීම මඟින් මෙරට ආර්ථිකය නමැති දැති රෝද නොනවත්වා ක්‍රියාත්මක කළ හැකිය. එය අප රටේ දියුණුවට අවශ්‍යම දෙයකි. ඒ ගැන සේවක සහ සේව්‍ය යන දෙපාර්ශ්වයම හොඳ අවධානයෙන් යුතුව කටයුතු කළ යුතු කාළය දැන් එළැඹ ඇත.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us