දෙවසරකට පසු වැඩිම සංචාරක පැමිණීම පෙබරවාරියේ !

Published in පුවත්
Wednesday, 02 March 2022 20:54

වසර දෙකකට පසු වැඩිම මාසික සංචාරක පැමිණීම පසුගිය පෙබරවාරි මාසයේදී වාර්තා වුණා. ඒ අනුව පෙබරවාරි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින්ගේ සංඛ්‍යාව අනූහයදහස් පන්සිය හතකි.

2020 මාර්තු මාසයෙන් පසු මෙරටට පැමිණි වැඩිම සංචාරක සංඛ්‍යාව පෙබරවාරි මාසයේදී වාර්තා වූ බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දෙන්නේ. ජනවාරි මාසයේදී සංචාරකයින් අසූදෙදහස් තුන්සිය විසිහත් දෙනෙකු පැමිණ තිබුණා. 2021 වසරේදී මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ අනූහතර දහස් හාරසිය අනූ පහකි. පෙබරවාරි මාසයේ දින පහක් තුළ දෛනිකව මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව හාරදහස ඉක්මවීමද විශේෂත්වයක් වුණා. මේ වසරේදී සංචාරයින් වැඩි සංඛ්‍යාවක් පැමිණ ඇත්තේ රුසියාවෙනුයි. එම සංඛ්‍යාව විසිඅටදහස් අටසිය දහඅටකි. ඉන්දියානු සංචාරකයින් විසිහතර දහස් හාරසිය අනූ පහක්ද එක්සත් රාජධානියෙන් සංචාරකයින් දහඅටදහස් අසූ හතර දෙනෙකුද, ජර්මනියෙන් සංචාරකයින් දහතුන්දහස් එකසිය දහ නව දෙනෙකුද, යුක්රේනයෙන් සංචාරකයින් දහතුන්දහස් හැට දෙදෙනෙකුද මෙලෙස පැමිණ තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් මාසයේ සිට සංචාරකයින්ගේ පැමිණීමේ ක්‍රමික වර්ධනයක් දක්නට ලැබුණු බවයි අමාත්‍යවරයා කියා සිටින්නේ.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 2025 වසර වනවිට ඇමරිකන් ඩොලර් බිලියන 10 ක ආදායමක් අපේක්ෂාවෙන් සංචාරකයන් මිලියන 7 ක් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන මේ වනවිටත් ක්‍රියාත්මක වනවා. කොරෝනා ව්‍යසනයට පෙර පැවති ඍජු ගුවන් ගමන් සේවා තිස් පහක් පැවතුණත් මේ වනවිට ක්‍රියාත්මක වන්නේ ඉන් 25 ක් පමණයි.

එය යථා තත්ත්වයටපත් කිරීමේ වැඩසටහන් ද මේ වනවිට ක්‍රියාත්මකව පවතිනවා. ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් බවට පත් කිරීම වෙනුවෙන් ප්‍රවර්ධන කටයුතු අඛණ්ඩව සිදු කෙරෙනවා. ඒ අනුව නව සංචාරක ආකර්ශනීය ස්ථාන 6000 ක් හදුනාගෙන තිබෙනවා. 2022 වසර නරඹමු ශ්‍රී ලංකා තේමාවෙන් සංචාරක ප්‍රවර්ධනීය වසරක් ලෙස නම් කර තිබෙනවා.

-පංචාලි

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අනං මනං

Connet With Us