ඉන්දියාවෙන් සහනයක් !

Published in පුවත්
Thursday, 03 March 2022 17:28

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ආහාර, ඖෂධ සහ වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීම සඳහාවන ඇමරිකානු ඩොලර් බිලියන 01ක ණය පහසුකමක් පිළිබඳව මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවතී.

නියෝජ්‍ය මහ කොමසාරිස් ශ්‍රී විනෝද් කේ. ජේකබ් මහතා පසුගිය 26 වනදා කොළඹ දී පැවති ඉන්දියානු ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික මහා සභාව ඇමතූ අතර එහිදී ඔහු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ශක්තිමත් මිත්‍රත්ත්වය පිළිබඳව සිහිපත් කළේය. විශේෂයෙන්ම ආර්ථිකය, මූල්‍යය, සංවර්ධන සහයෝගීතාවය. ධාරිතා ගොඩනැගීම සහ ජනතාව අතර සබඳතා යන පස් වැදෑරුම් සහයෝගීතාවය පිළිබඳව ඒ මහතා සඳහන් කළේය.

2020 වසරේදී ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම වෙළඳ සහකරුවා වූයේ ඉන්දියාව යි. දෙරට අතර වෙළඳාම 2021 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 5.23ක් දක්වා තවදුරටත් වර්ධනය විය. ඉන්දියාව ශ්‍රී ලංකාවේ විශාලතම ආයෝජකයකු ද වන අතර පසුගිය වසර 15 තුළ ඇමරිකානු ඩොලර් බිලියන 1.7කට වැඩි ආයෝජන සිදු කර ඇත. ආර්ථික කරුණු සම්බන්ධයෙන් දෙරට අතර ශක්තීන් සහ අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රයෝජනයට ගනිමින් ද්විපාර්ශවික සම්බන්ධය තවදුරටත් ඉහළ නැංවීමට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා ප්‍රකාශ කළේය.

ඇමරිකානු ඩොලර් මිලියන 400ක විනිමය හුවමාරු පහසුකම, ආසියානු නිෂ්කාශන සංගමය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉන්දීය සංචිත බැංකුවට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 515ක මුදල ගෙවීම කල් දැමීම සහ ඉන්දියාවෙන් ඉන්ධන ආනයනය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් මිලයන 500ක ණය පහසුකමක් ලබා දීම යනාදිය ද නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා සිහිපත් කළේය. මෙයට අමතරව ඉන්දියාවෙන් ආහාර, ඖෂධ සහ වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයන කිරීම සඳහා වන ඇමරිකානු ඩොලර් බිලියන 1ක ණය පහසුකමක් පිළිබඳව ද මේ වන විට සාකච්ඡා කෙරෙමින් පවතී.

නියෝජ්‍ය මහ කොමසාරිස්තුමා ශ්‍රී ලංකාව සමඟ පවතින සංවර්ධන සහයෝගීතාවය සහ ධාරිතා ගොඩනැගීමේ වැඩසටහන් පිළිබඳව ද අවධාරණය කළ අතර දෙරට ජනතාව අතර බැඳීම් ද්විපාර්ශවික සබඳතාවයේ වැදගත්ම අංශය බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් ප්‍රමාණයක් පැමිණෙන්නේ ඉන්දියාවෙන් ය. 2021 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සංචාරකයින් 194,000 අතරින් 56,268ක්ම ඉන්දියානු සංචාරකයන් වන බව ද එය මුළු සංචාරකයන් සංඛ්‍යාවෙන් 29%ක් පමණ වේ. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රය මනා සහයෝගීතාවයක් පවති. “වැක්සින් මෛත්‍රී” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට COVISHIELD එන්නත් ලබා දීම, වෛද්‍ය ඔක්සිජන් සැපයීම, ටොන් 26ක් බරැති වෛද්‍ය සැපයුම් සහ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල 100,000ක් පරිත්‍යාග කිරීම සිදු විය,

ආරක්ෂක සහයෝගීතාවය පිළිබඳ ගත්තද අපට ඉන්දියාව කළ නොහැකි මෙහෙයන් රැසක් ඉටු කළ රටකි. 2020 සහ 2021 වසර වලදී MT නිව් ඩයමන්ඩ් සහ MV එක්ස්ප්‍රස් පර්ල් නෞකාවන්හි ඇති වූ ආපදා තත්ත්වයන් හිදි ඉන්දීය නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය සුවිශේෂී කාර්යභාරයක නිරත විය. එම සිදුවීම් ඉන්දියාවේ අසල්වැසියා ප්‍රථමයෙන් යන ප්‍රතිපත්තිය පිළිඹිබු කිරීමක් බවද මහකොමසාරිස්වරයා එහිදී සිහිපත්කර ඇත.

කෙසේවෙතත් මෙම ශ්‍රීලංකා ඉන්දීය මිත්‍රත්වය මෙරටට සුවිශාල ශක්තියක් වී ඇත..එම ශක්තිය තව තවත් ශක්තිමත් කිරීමට හැකි වී ඇත්තේ වත්මන් ආණ්ඩුවට බලයට පත්වීමෙන් පසුවය.එය රටේ පුරවැසියාට මෙන්ම ඉදිරි අනාගතයට ශක්තිමත් අත්වැළක් වනු ඇත.

-පංචාලි

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us