සෞභාග්‍යයට පෞද්ගලික අංශයත් වැදගත්

Published in පුවත්
Thursday, 10 March 2022 20:13

රටේ සමස්ථ ශ්‍රම බලකායෙන් ලක්ෂ 60ක් පමණ බහුතරය සේවය කරන්නේ පෞද්ගලික අංශයේය. ඒ අනුව ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීම සඳහා සුවිශාල මෙහෙවරක් පෞද්ගලික අංශය වෙතින් සිදුවේ.

එහෙත් අපට එදා සිටම පෞද්ගලික අංශය නියෝජනය කරන පිරිසගෙන් නිරන්තරයෙන් ඇසුණේ කුමන ආණ්ඩුවක් පැවතියද මෙරට පෞද්ගලික අංශයට කුඩම්මාගේ සැළකිලි වලට භාජනය වන්නට සිදුවන බවය..මෙම තත්වය වෙනස් කිරීමට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව දැඩි අවශ්‍යතාවයක් තිබු අතර එතුමා බලයට පත්වන විට ඉදිරිපත්කළ ”සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේදි මෙම පෞද්ගලික අංශය කෙරෙහිද අවධානය යොමු කර ඇති බව පැහැදිලිව පෙනෙන්ට තිබුණි.

ඒ අනුව එය යථාර්තයක් බවට පත් කරමින් රජයේ සේවකයන්ට ලැබෙන ප්‍රතිලාභ පෞද්ගලික අංශයටත් ලබා දෙමින් පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් විශේෂ සුභසාධන වැඩපිළිවෙලක් සකස් කර ඇති බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී අද(10) පවසා සිටියේය.

පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් සහ ඔවුන්ගේ සුභසාධනය සඳහා රක්ෂණ ක්‍රමයක් සකස් කිරිම සම්බන්ධයෙන් අරමුදල් සපයා ගැනීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධාන සමග මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බවද කම්කරු අමාත්‍යවරයා පවසා තිබේ.

සේවයේ යෙදී සිටීමේදී අගතියට පත් සේවකයන් සඳහා ලබාදෙන වන්දි මුදල් පසුගිය වසර 16 තිස්සේම වැඩි නොවූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජීවන වියදම් වැඩි වී ඇති බව සැළකිල්ලට ගෙන මෙම සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරන බව පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ”සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේදි මෙම වන්දි මුදල වැඩි කිරීමට යෝජනා ඉදිරිපත් කළ බව අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

ඒ අනුව සේවයේ යේදී සිටියදී සිදුවන හදිසි අනතුරු හේතුවෙන් අගතියට පත්වන සේවකයින්ට මරණයකදී හෝ පූර්ණ බෙලහීනතාවකදී දැනට ගෙවන උපරිම වන්දි මුදල රුපියල් පන්ලක්ෂ 50,000කි. එම වන්දි මුදල රුපියල් විසි ලක්ෂයක් දක්වා වැඩි කිරීමට නව පනත් කෙටුම්පත මගින් සංශෝධන ඉදිරිපත් කර ඇත. එමෙන්ම දැනට රැකියා අවස්ථාවේදී පමණක් වන්දි ගෙවීම සඳහා ඇති ප්‍රතිපාදනය, රැකියා ස්ථානයට එන සහ යන අවස්ථා ඇතුළත් කොට අර්ථ නිරූපණය වඩාත් පුළුල් කිරීමද එම සංශෝධනය මගින් සිදු වේ.

රජයේ සේවකයන්ට ලැබෙන ප්‍රතිලාභ පෞද්ගලික අංශයටද ලබාදීමට මේ හරහා හැකි වනු ඇතැයි රජයේ විශ්වාසයයි. කෙසේ වුවද රටක් ඉදිරියට ගෙන යාමට රාජ්‍ය අංශය මෙන්ම මෙරට පෞද්ගලික අංශයද දක්වන්නේ අපමණ දායකත්වයකි. එම නිසාම රටෙහි පාලකයන් මෙම අංශ 2කටම එකහා සමාන අවධානයක් යොමු කිරීම විය යුතු දෙයකි. එය මැනවින් අවබෝධ කරගෙන සිටින වත්මන් රජය පෞද්ගලික අංශය කෙරෙහිද අවධානය යොමුකරමින් ඔවුන්ගේ සුභසාධනය උදෙසා කටයුතු කිරීම සාධනීය පියවරකි. එමෙන්ම රට ගොඩනැංවීම උදෙසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ”සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම වෙනුවෙන් පෞද්ගලික අංශයේ දායකත්වය අතිශය වැදගත්ය. එම නිසා එම ක්ෂේත්‍රයේ ගැටළු හඳුනාගෙන විසඳුම් ඉදිරිපත් කිරීම අනෙක් අතකින් ”සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙල මඟින් ප්‍රකාශිත අරමුණු කරා රට රැගෙන යාමකි.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us