අඩු ආදායම්ලාභීන් ගැනත් සිතන රජයක් !

Published in පුවත්
Tuesday, 08 March 2022 18:51

ගංගාවල වැලි කැණිම් බලපත්‍ර ලබා දීමේ දී මෙතෙක් එම බලපත්‍ර විශාල ප්‍රමාණයක් ලබා දී තිබෙන්නේ දීර්ඝකාලයක් සඳහා රජයේ හා පුද්ගලික ඉඩම් බදු පදනම මත ලබාගෙන වැලි කැණීම් කටයුතු කළ පුද්ගලයින්හට බවට මහජනතාවගෙන් පැමිණිළි, පරිසර අමාත්‍යාංශයට ඉදිරිපත්ව තිබේ.

එමනිසා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල් නඟා සිටුවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගයක් වශයෙන් ඔවුන්ගේ ආදායම් තත්ත්වයන් ඉහළ නැංවීම සඳහා ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප්‍රදේශවල ජීවත්වන අඩු ආදායම්ලාභී පවුල්වලට ගංගාවල වැලි කැණීම් බලපත්‍ර නිකුත් කිරීමේ දී ප්‍රමුඛත්වය ලබා දීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර ඇත.

2022 වසරේ සිට ම ඒ සඳහා පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දී තිබේ .

බොහෝ දිස්ත්‍රික් ලේකම්වරුන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් ද දක්වා ඇති කරුණු අනුව අඩු ආදායම්ලාභී පවුල්වල ජීවනෝපාය සංවර්ධනය සඳහා මෙම පියවර ගත යුතු බවට ඔවුන් විසින් ද නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව 2022 වර්ෂයේ සිට ගංගා වැලි ගොඩ දැමීමේ කර්මාන්තය සඳහා නිර්දේශය/ අවසරය ලබා දීමේ දී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුළ විදිමත් ආකාරයෙන් දීර්ඝ කාලයක් තිස්සේ වැලි ගොඩදැමීම සිදු කරන ලද බලපත්‍රලාභීන් වෙත පදිංචිය නොසළකා තවදුරටත් එම කර්මාන්තය සිදු කර ගෙන යාම සඳහා නිර්දේශ/ අවසරපත් ලබා දෙනු ලබයි. එමෙන්ම අඩු ආදායම්ලාභී පුද්ගලයින්, හා දැනටමත් අයදුම්පත් ඉදිරිපත් කර ඇති පුද්ගලයින්ටත් වැලි කැණීම් බලපත්‍ර ලබා දීමට වත්මන් රජය පියවර ගැනේ.

එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයක් තුළ වෙසෙන අයදුම්කරුවන්ගෙන් සියයට 50ක් හා වෙනත් බල ප්‍රදේශවල පදිංචිව සිටිය ද අවශ්‍ය මුලික සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් අතරින් සියයට 50කටත් වන සේ බලපත්‍ර නිකුත් කිරීම සිදු කෙරේ. මෙහිදී වැලි ගොඩදැමීම විදිමත් ලෙස සිදු කිරීමට ඔවුන් සතුව ඇති හැකියාව, අඩු ආදායම්ලාභීන්ගේ ජීවනෝපාය සංවර්ධන අවශ්‍යතාවය, පරිසර සංරක්ෂණය සඳහා ඔවුන්ගේ දායකත්වය යන කරුණු ද බලපත්‍ර නිකුත් කිරීමේ දී සැළකිල්ලට ගනු ඇත.

කෙසේ වුවද දැනට ගංගාවල වැලි ගොඩදැමීම සඳහා දායකත්වය ලබා දෙන කම්කරුවන් රැසක් දෛනික වැටුපට වෙනත් ප්‍රදේශවල සිට පැමිණෙන වැලි බලපත්‍රලාභීන් යටතේ වැඩ කරනු ලබයි. එහෙත් ස්ථිරවම එම කොට්ඨාස තුළ පදිංචිකරුවන් වුවද තම ප්‍රදේශයේම ඇති ස්වාභාවික සම්පත්වලින් තම ජීවනෝපාය සංවර්ධනයට හෝ ආර්ථික මට්ටම ඉහළ නංවාගැනීමට ඇති හැකියාව අහිමි වු පවුල් විශාල ප්‍රමාණයක් තවමත් කම්කරුවන් වශයෙන් දෛනික වැටුපට සේවය කරනු ලැබයි.

රටේ සමස්ත පුරවැසියාටම යහපත් ආර්ථිකයක් අත්පත්කර දීමට අවශ්‍ය සාධක සැපයීමට රජය කැප වී සිටි. මෙම කරුණු සැළකිල්ලට ගනිමින් වත්මන් රජය අඩු ආදායම්ලාභී පවුල්වල ආර්ථික සංවර්ධනය නගාසිටුවීම සඳහා වැලි කැණීම් බලපත් ලබා දීමේ දී ප්‍රමුඛත්වය ලබා දීමට ගත් තීරණය ඉතා අගනා තීරණයක් වනු ඇත.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us