දින කිහිපයක් ගෑස් වෙළදපොලට නිකුත් කිරීම යථාතත්ත්වයට පත් කළ හැකියි - ලිට්‍රෝ

Published in පුවත්
Friday, 18 March 2022 20:06

කෙරවලපිටිය ගෑස් ගබඩා සංකීර්ණයට නෞකා මගින් ගෙන ආ ගෑස්, බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ලබා දීමේ කටයුතු සාර්ථකව සිදුවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

එහෙත් ගෑස්වල තත්ත්වය පරික්ෂා කළ යුතු බැවින් ක්ෂණිකවම ඒවා වෙළෙදපොළට නිකුත්කළ නොහැකි බව එම සමාගම පෙන්වා දෙනවා.

ගෑස් මෙට්‍රික් ටොන් 3500ක් රැගත් නෞකාවේ ගෑස් ගොඩබෑමේ කටයුතු ඊයේ පස්වරුවේ ආරම්භ වුණා. එම නෞකාවෙන් ගොඩබෑ ගෑස් තොගයි මෙලෙස ගෑස් බෙදා හැරීමේ මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කෙරෙන්නේ. ඒ අනුව එක් දිනකට ගෑස් සිලින්ඩර එක්ලක්ෂ විසිදහසක් වෙළෙදපොලට නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් කියා සිටියේ. එහෙත් මෙම ගෑස් තොග ආසැනින් වෙලදපොලට බෙදා හැරීමට නොහැකි තත්ත්වයකුයි පවතින්නේ. මෙම සියලු ගෑස් තොගවල තත්ත්වය සියුම් ලෙස පරික්ෂා කළ යුතු වනවා. එමෙන්ම දිවයින පුරා හිස් ගෑස් සිලින්ඩර් නැවත ගෙන්වා ගැනීමද සිදු කළ යුතුයි. එවැනි තත්ත්වයක් තුළ එක්වරම වෙළෙදපොලට ගෑස් නිකුත් කළ නොහැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
එම නිසා දින කිහිපයක් යන විට මුළුමනින්ම ගෑස් වෙළදපොලට නිකුත් කිරීම යථාතත්ත්වයට පත් කළ හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මුළු ලෝකයටම බලපෑ ඇති අර්බුද හමුවේ සෑම රටකටම අඩු වැඩි වශයෙන් විවිධ අර්බුදයන්ට ලක් වීමට සිදු වී ඇති බව පැහැදිලිය..එහෙත් එය ශ්‍රී ලංකාවට පමණක් ඇති තත්වයක් බවත් පවතින ආණ්ඩුවේ වරදින් මෙලෙස අර්බුදයන් නිර්මාණය වී ඇති බවත් හැගවිමට මේ වන විටත් ඇතැම් දේශපාලන කණ්ඩායම් ක්‍රියා කරමින් සිටින්නේ ජනතාව නොමග යවමින්ය..

වසංගතයකින්ද ,රට රටවල් අතර අතර පවත්නා ගැටුම් වලින් පසු ද අර්බුදයන් නිර්මාණය වීම සාමාන්‍ය තත්වයකි..එහෙත් වත්මන් ආණ්ඩුව හැකි තාක් ජනතාව අපහසුතාවයට පත් නොකරමින් රට ගෙන යාමයට විශාල වෙහෙසක්දරමින්ද , ඕනෑම තත්වයක් යටතේ පුරවැසියාට සුවපහසුව ජීවත්වීමට හැකි වටපිටාවක් නිර්මාණය කිරීමට කැප වී සිටින බවටද වත්මන් ආණ්ඩුව ජනතාවට පොරොන්දු වී හමාරය...

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us