ලොව ඕනෑම තැනක සිට ශ්‍රී ලංකාවේ දුම්රිය ආසන වෙන් කීරීමේ අවස්ථාව !

Published in පුවත්
Monday, 21 March 2022 20:14

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මාර්ගගත ක්‍රමයට සියලුම දුම්රිය මාර්ගවල දුම්රිය ආසන වෙන් කරවා ගැනීම සඳහා වෙබ් අඩවියක් (https://seatreservation.railway.gov.lk) හා ජංගම යෙදවුමක් (app)හඳුන්වාදීම අද (21) දින ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මෙමඟින් ඉදිරියේදී දුම්රිය මඟීන්ට ලොව ඕනෑම තැනක සිට ශ්‍රී ලංකාවේ දුම්රිය ආසන වෙන් කරවා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

ස්වයංක්‍රීයව ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමේ ක්‍රමවේදය නිසා සියලුම දුම්රිය මාර්ග වලට අදාළ ප්‍රවේශ පත්‍ර වෙන් කරවා ගැනීමට මඟීන්ට අවස්ථාව හිමි වේ. මෙමඟින් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම, දුම්රිය බලපත්‍ර හා අවසර පත් නිකුත් කිරීම දක්වා වැඩි දියුණු කර ඇත. මේ වන විට සමස්ථ ප්‍රවේශපත් ලබා ගැනීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණයට ලක් කර ඇත.

ඉදිරියේදී මෙම පද්ධතිය හරහා විද්‍යුත් ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමටත්, QR කේතය මඟින් එම ප්‍රවේශ පත්‍ර තහවුරු කිරීමට හැකියාව ලැබෙන නිසා දුම්රිය දෙපාර්තමේන්තුව තුළ, කඩදාසි භාවිතය ද අවම වෙනු ඇත. ආසන වෙන් කිරීමේ හැකියාව ලබා දී ඇති ගමනාන්ත හා දුම්රිය වල පළමු පන්තියේ නැරඹුම් මැදිරි, දෙවන පන්තියේ හා තෙවන පන්තිය සඳහා යාමට මෙන්ම, යාමට සහ ඒමට පියවර කිහිපයක් මඟින් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමට මගීන්ට හැකියා ලැබේ.

Visa, master හා Lanka QR ඇතුලුව ක්‍රමවේදයන් කිහිපයක් ඔස්සේ මේ සඳහා ගෙවීම් කළ හැකි අතර m Ticketing සේවාව සහිත දුම්රිය ස්ථාන වෙත පැමිණ ප්‍රවේශපත්‍රයේ යොමු අංකය සමඟ ජාතික හැඳුනුම්පත හෝ විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීම මඟින් වෙන් කරවා ගත් ප්‍රවේශපත්‍ර ලබා ගත හැක.

වත්මන් රජය විසින් මේ ගත් පියවර දියුණු වෙමින් පවතින රටකට අත්‍යාවශ්‍ය කරුණකි. තොරතුරු තාක්ෂණය රටේ දියුණුව වෙනුවෙන් යොදා ගැනීමේ විශාල වපසරියක් විවෘතව පැවැතියද තවමත් ශ්‍රී ලංකාව ඒ විෂය ක්ෂේත්‍රයෙදී පසුගාමී බව පැහැදිලි කරුණකි. මේ නිසා මෙවැනි දුම්රිය ප්‍රවේශ පත්‍ර යෙදවුම් වැනි දෑ හඳුන්වා දීම මඟින් රටේ ජනතාවද ඊට හුරුවීම නිතැතින් සිදුවන අතර මෙවැනි පහසුකම් සඳහා වන ඉල්ලුමද වැඩිවේ. ජනජීවිතයේ එදිනෙදා කාර්යභාරයන් සහ රාජකාරීමය කටයුතු වඩා සක්‍රීයව සහ පහසුවෙන් නව තාක්ෂණික මෙවලම් හරහා සිදුකිරීම රටේ සංවර්ධනය ගම නගර භේදයකින් තොරව පිමි ගනනාවකින් පෙරට ගැනීමට හැකිය. වත්මන් රජයේ මූලික අභිප්‍රාය වන්නේත් නගරයත් ගමත් එකහා සමානව රටේ සංවර්ධනයට දායක කරගැනීමත් එහි ප්‍රතිලාභ සියල්ලට සමානව බෙදීයන ක්‍රමවේදයන් සැකසීමය. ඒ අනුව මෙම දුම්රිය ප්‍රවේශපත්‍ර යෙදවුම දුම්රිය සේවයෙහි පමණක් නොව රටේ සමස්ථ සංවර්ධනය වෙනුවෙන් ගත් සාර්ථක ප්‍රවේශයක් බවත් කිව යුතුය.

-පංචාලි

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us