රාජ්‍ය බැංකු ඉකුත් වසරේ බිලියන 20ක් ලාභ ලැබුවා - බොරු ප්‍රචාර එපා !

Published in පුවත්
Saturday, 26 March 2022 20:38

මෙරට රාජ්‍ය බැංකු පද්ධතිය පසුගිය වසරේ රුපියල් බිලියන විස්සකට අධික ලාභ ලබා ඇති අතර, එම බැංකු පද්ධතිය සතුව රුපියල් ට්‍රිලියන ගණනක වත්කම් පද්ධතියක් ඇති බැවින් ඒවායෙහි මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ කිසිදු බියක් හෝ සැකයක් ඇති කර නොගන්නැයි වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම ඇමැති රමේෂ් පතිරණ මහතා පවසා ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කර තිබේ.

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් හේතුවෙන් ශ්‍රී ලංකා රාජ්‍ය බැංකුවල මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ ගනුදෙනුකරුවන් අතර සැක සංකා මතු වන තත්ත්වයක් ඇතිවී තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුව මෙරට රාජ්‍ය බැංකු පද්ධතිය නිසි කළමනාකරණයකින් යුක්තව පවත්වාගෙන යෑමට පියවර ගෙන තිබේ.

රටක් ලෙස එක්ව නැගී සිටිය යුතු කාලයක බල පෙරේතකමින් මත්ව ඇති විපක්ෂය ප්‍රමුඛ පක්ෂ කණ්ඩායම් මේ වන විටත් බොරු ප්‍රචාරයන් දියත් කරමින් ජනතාව මුලා කිරීමට මාන බලමින් සිටි.රටේ නැති අර්බුද නිර්මාණය කරමින් රට දෙකඩ කරන්න බලන් සිටින එවන් පක්ෂ කණ්ඩායම් ගැන අපට ඇත්තේ පිළිකුලකි.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us