අවුරුද්දට අඩු ආදායම් ලාභීන්ට රු.5000 ක් !

Published in පුවත්
Tuesday, 29 March 2022 20:04

සෞභාග්‍යයේ දේශයක් කරා යන ගමනේ සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක ප්‍රධානතම අංගය වනුයේ තෘප්තිමත් ජනතාවකි .

එම නිසා ඒ වෙනුවෙන් මිනිසාගේ මුලික පහසුකම් සපයා දෙමින් ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීමට වත්මන් රජය බැදී සිටි. එය යලි යළිත් තහවුරු කරමින් මෙවර සිංහල අලුත් අවුරුද්ද සඳහා අඩු ආදායම්ලාභීන්ට රුපියල් 5000 බැගින් මාස දෙකක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා .ඒ අනුව ලක්ෂ 31කට ආසන්න පිරිසකට අදාළ 5000 සේ දීමනාව ලැබෙනු ඇත.

රට ආර්ථික වශයෙන් දැවැන්ත අර්බුදයකට මුහුණ පා සිටින බව නොරහසකි..එය ශ්‍රී ලංකාවට පමණක් නොව ඕනෑම වසංගතයකින් පසුව ඕනෑම රටක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුව වන්නේ ආර්ථික අර්බුදයයි..එය සංවර්ධිත රටකට වඩා සංවර්ධනය වෙමින් පවතින අප වැනි රට වලට දැඩිව බලපෑම් ඇති කර ඇත. වසංගතය පැමිණි මුල් අවධියෙහි රට වසා දැමීමත් සමග වැඩියෙන් පිඩාවට පත් වුයේ එදිනෙදා වෙළදාමක් කරමින් ජීවිතය ගැට ගසා ගත් පිඩිත පංතිය නියෝජනය කරන ජනතාවය ..ඒ වන විටත් රටේ ආර්ථිකය සැලකියයුතු මට්ටමකින් කඩා වැටී තිබු අවධියකි..එවන් මොහොතකත් වත්මන් රජය එවන් අඩු ආදායම් ලාභී පවුල් වෙත දීමනා ලබා දීමට අමතක නොකළ බව අප මතක් කරන්නෙමු.

රටක් පාලනය කිරීමට යහපත් අයුරින් හෝ අයහපත් අයුරින් හෝ වේවා ඕනෑම නායකයෙකුට හැකිය..එහෙත් රටට ,ජනතාවට වග වීමට සෑම නායකයෙකුට නොහැකිය..තෘප්තිමත් ජනතාවක් ,තෘප්තිමත් රාජ්‍යක් තැනීම රටක ජනාධිපතිවරයෙකුට ලෙහෙසි පහසු කරුණක් නොවෙනු ඇත. එහෙත් ඒ සදහා හැකි පමණින් සෑම උත්සාහයක්ම ගනිමින් වත්මන් ජනාධිපතිවරයා කටයුතු කිරීම අගය කළ යුතුව ඇත.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us