සුළු අපනයන බෝග අපනයනයෙන් ඇ.ඩොලර් මිලියන 450ක ආදායමක් !

Published in පුවත්
Wednesday, 30 March 2022 21:06

කුරුඳු, ගමිමිරිස්, එනසාල් ඇතුළු සුළු අපනයන බෝග වර්ග අපනයනය කිරීමෙන් ඉකුත් වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 450ක ආදායමක් උපයා ඇතැයි වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.


එමෙන්ම මෙම වසරේදී වැවිලි කේෂ්ත්‍රයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 600ක පමණ ආදායමක් අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා පවසා ඇත්තේ. අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් මාතලේ, උකුවෙල ප්‍රදේශයේ ඉදිකරන ලද කුළුබඩු මන්දිරය හා නව තොරතුරු මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කර ඇත.

මෙහිදී රන්වැලි යසස් ශ්‍රී නාමයෙන් යුතු නව එනසාල් ප්‍රභේදයක් හඳුන්වාදීම හා ප්‍රදේශයේ කුළුබඩු ආශ්‍රිත වගාකරුවන්ට සහනාධාර ප්‍රධානය කිරීමක්ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ලංකාවේ සුළු අපනයන බෝග වන්නේ බොහෝ විට කුළුබඩු යි. මේවා ලෝකයේ ඉස්තරම්ම කුළුබඩු ලෙස නමක් දිනාගෙන ඇත. මීට බොහෝ විට හේතු වන්නේ ඒවා වැවීමට යෝග්‍ය පසක් හා දේශගුණයක් ලංකාවේ තිබීම යි. ලෝකයේ සරුම ගම්මිරිස් හා කුරුඳු ඇත්තේ ලංකාවේ යි. එම නිසා කුළුබඩු නිපදවන රටවල් අතරින් ශ්‍රී ලාංකික අනන්‍යතාව විශේෂ වේ. ශ්‍රී ලංකාවේ සුළු අපනයන බෝග වලට විදේශ වෙලඳපොලේ අධික ඉල්ලුමක් ඇති වීමට එය හේතුවකි.

තිරසාර සංවර්ධනයක් කරා යන ගමනේදී ‘‘අපනයන කෘෂි බෝගවලට’’ හිමිවන්නේ ප‍්‍රමුඛස්ථානයක්. ඒ හෙළ රජ දවස සිට මේ ක්ෂේත‍්‍රයේ දී ශ‍්‍රී ලංකාව ලබා ඇති ජාත්‍යන්තර කීර්තිය සහ ස්වභාව ධර්මයේ අනුග‍්‍රහය ලොව අන් කිසිම රටකට නොදෙවැනි වන නිසයි. මෙරට සුළු අපනයන වගා කරුවන්ගේ ආර්ථිකයද ශක්තිමත් කරමින් , අපේ රටේ අපේම දේ ජාත්‍යන්තරයට ගෙන ගොස් ඔසවා තබමින් මෙරටට අදායමක් එක් කර ගැනීමට වත්මන් රජය ඇප කැප වී ඇත..සුළු අපනයන වගා කරුවන්ගේ ප්‍රශ්ණ විසදමින් ඔහුන්ට අවශ්‍ය සහනාධාර ,දැනුම අමාත්‍යංශය හරහා සපයමින් මෙරට වැවිලි කේෂ්ත්‍රය ඉහළට ගෙන යාමට රජය කටයුතු කරමින් සිටින්නේ ඒ අයුරෙනි.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us