ජොන්ස්ටන් අනුරගේ රෙදි ගලවයි !

Published in පුවත්
Friday, 08 April 2022 21:32

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා වේදිකාවේ, පාර්ලිමේන්තුවේ මහ සද්දෙන් කතාකරන වීඩියෝ පට ජවිපෙ අනුගාමිකයෝ පැන පැන සමාජ ජාලා තුළ ප්‍රචාරය කළාට ඔහුගේ හඬට වඩා සද්දෙන් ලැබෙන පිළිතුරු ගැන වගේ වගක් නැතිව සිටීම සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන්නෙකි.

ඒ තබා දැන් දැන් අනුර කුමාර පවා පාර්ලිමේන්තුව තුළ තමන්ට එල්ල වන විවේචන හමුවේ කරබාගෙන සිටිනවා දකින්නට ලැබේ. ඔහු නිරන්තරයෙන් පහර කෑමට ලක් වෙන, විහිළුවට ලක්වෙන චරිතයක් බවට පත්ව තිබේ. මේ පෙරළිය කළේ අනුරගේ සද්දෙට බය නැතිව පිළිතුරු දෙන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයාය. කිසිදු දෙගිඩියාවකින් බයක් සැකක් නැතිව අනුරලාගේ තර්ක බිඳ දැමීම ඔහු සිදුකරයි. පසුගියදා අධිභාර පනත විවාදයකින් සහ ඡන්දයකින් තොරව සම්මත කිරීම සිදුවූ අවස්ථාවේදී අනුර කළ කතාවකට ප්‍රනාන්දු මනත්‍රී වරයා සැර උත්තරයක් දුන්නේය. අමාත්‍යවරයා කළ කතාව අනුර අහගෙන සිටියා හැරෙන්න ඔහුට වෙන කරන්නට දෙයක් නොවිය.

අමාත්‍යවරයා සිදු කළ සම්පුර්ණ කතාව පහතින් පළ කරන්නේ මේ අනුරලා රට හමුවේ දිගහරින බොරු බේගල් සහ රට ගිණි තියමින් කරන විනාශය මේ රටේ මිනිස්සු තවදුරටත් දැනගත යුතු බැවිනි.

''..අනුර කුමාර දිසානායක මහත්මයා කියනවා පළවෙනි දේ ගෝඨා go home කියලා. මන්ත්‍රීවරයාට මම මතක් කරනවා ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙන්නේ නැහැ. අපි ඔබතුමාලගේ ඔය යටි අරමුණත් එක්ක හැප්පෙන්න ලෑස්තියි. මේ ප්‍රජාතන්ත්‍රවාදීව මේ ඉන්න ඔක්කොම. අපි දන්නවා ඔබතුමාගේ ගේම් ටික. ඔබගේ මූණටම ඒක කියනවා.

දෙවනියට තමයි ඔබතුමාට කිරිපිටි මතක් වෙන්නේ. ගෑස් මතක් වෙන්නේ. තෙල් මතක් වෙන්නේ. අපි විපක්ෂයට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයටත්, ඒ කණ්ඩායමටත්, රනිල් වික්‍රමසිංහ මහත්මයටත්, අනිත් අයටත් අද විවාදයකින් තොරව ඡන්දයකින් තොරව අධිභාර පනත අනුමත කරල දුන්නට. මේක තමයි අපිට අවශ්‍ය වෙන්නේ. රටක් තියෙන්න ඕනේ ඔබතුමාලාට දේශපාලනය කරන්නත්, අපි ඔක්කොටම දේශපාලනය කරන්නත්. විප්ලවවාදීන්ට මේකට ඉඩ දෙන්න විදිහක් නෑ. මේවට අපි මුහුණ දුන්නා 71දී. මැතිනිය කාන්තාවක් වුණත් මේකට මුහුණ දුන්නා. රටේ තරුණ දහස් ගණනක් මැරුණා එදා. කනත්තට තමයි එක්ක ගියෙ. කනත්තට දැක්කුවා. ඒ පාප කර්ම වලින් කවදාවත් මිදෙන්න බැහැ. ඊළඟට 88/89යෙ හැටදාහක් මැරුවා. මේ රටේ තරුණ තරුණියෝව. ඒවා මේ රටේ ජනතාවට අමතක වෙන්නේ නැහැ. ඒ නිසා අපි කියනවා කිරිපිටි ගෑස් තෙල් ඒව සංවේදී ප්‍රශ්න. විපක්ෂ නායකවරයා ඇතුළු කණ්ඩායම මේක තේරුම් අරන් තියෙනවා. අපි ස්තුතිවන්ත වෙනවා.

මේක අපි ඔක්කොම එකතුවෙලා මේක විසඳන්න ඕනි. මේක විසඳගමු. අපිට විශ්වාසයක් තියෙනවා මේක විසඳගන්න පුළුවන් වෙයි කියලා. මේක තමයි ධනාත්මක තත්ත්වය. ධනාත්මක පැත්තෙන් මේක බලන්න ඕනේ. ඒ නිසා අපි ජනතාවට කියනවා මේක අමාරු කාලයක්. ඒක අපි දන්නවා. මේක ගැන කතා කරන්න ගියොත් අපිට පුළුවන් පහුගිය අවුරුදු පහට මඩ ගහන්න. ඒ වෙච්ච දේවල් කියන්න. ලෝන් ගත්ත ඒවා ගැන ඔබතුමාලට කියන්න පුළුවන්. ඒවා ගැන කිය කියා අපිට ගහගන්න පුළුවන්. හැබැයි රට අර්බුදකාරී තත්වයකට ඇවිල්ලා තියෙනවා. ලෝක ව්‍යයසනයක් එක්ක. කොවිඩ් එක හරහා අපි ඒක පිළිගන්න ඕනේ.

භාණ්ඩ මිල මුළු ලෝකෙම වැඩිවෙලා තියෙනවා. තෙල් හිඟ සමහර රටවල් වල ඇති වෙලා තියෙනවා. පෝලිං ඇතිවෙලා තියනවා. ඒවා ලංකාවේ විතරක් නෙවෙයි. දැන් මේ සමහර අය පෙන්නන්න හදනවා මේක ලංකාවේ විතරයි තියෙන්නෙ කියලා. ඉතාමත්ම ගෞරවයෙන් කියනවා අපි අනිවාර්යෙන්ම සැලසුම් සහගත ලෙස මේ ප්‍රශ්න ටිකට අනිවාර්යෙන්ම විසඳුම් දෙනවා කියලා. ඒක ඉතාමත්ම ගෞරවයෙන් අපි මේ සභාවේදී මතක් කරනවා. අපේ ජනතාවට සියලුම දෙනාම වෙනුවෙන් මම මතක් කරනවා.

ඊළඟට එතුමා කිව්වා කැබිනට් මණ්ඩලයේ ඉතිහාසයේ පළවෙනි වතාවට ඉල්ලලා අසුවුණා කියලා. ඉතින් හොඳයිනේ. ඇයි අපි ඉල්ලලා අස්වුණේ. කවුද එහෙම ඉල්ලලා අස් වෙන්නේ. අපි ඉල්ලලා අස්වුනේ තමුන්නාන්සේලාගේ ඉල්ලීමට. ආණ්ඩුවක් කරන්න අපි ආරාධනා කරනවා විපක්ෂ නායකතුමාට. ඉතාමත් හොඳ අදහස් ගැන එතුමා කතා කෙරුවා පළවෙනි රැස්වීමේදී. ඔබතුමා කතා කරලා ඉක්මනින් ගියා එතනින්. ඒ ගැන මං කතා කරන්න කැමති නෑ. ඒ තත්වෙට යන්න හොද නැහැ. මේ රටේ ජනතාව ඒ ගැන බලාගෙන හිටියා. ඔබතුමා මගේ නම කියද්දිත් මම මුකුත් කියන්න ගියේ නැහැ. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඡන්දෙන් බලයට පත්වෙච්ච ආණ්ඩුවක් 69 ලක්ෂයක් ජනාධිපතිතුමාට අවුරුදු පහක බලයක් දීලා ජනාධිපති කරපුහාම. ඒ ජනාධිපතිට ගෙදර යන්න කියනවා නම් ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න. මේ කවුරුත් ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න සූදානම් නැහැ. මේ දෙපැත්තෙම ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන අය. එකේ ඔබතුමාගේ යටි අරමුණ පේනවා. ඔබතුමා මේ විනාඩි 15 කතා කෙරුවේ ගෝඨා go home. ව්‍යවස්ථාව අවශ්‍ය නැහැ. ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන්න. ඒක තමයි ඔබතුමා නුගේගොඩ කිව්වේ. ඔබතුමා හිතන්න එපා අපි මෝඩයෝ කියළා.

අපි ඔබතුමාගේ කතන්දර ඔක්කොම හොඳට අහගෙන ඉන්න අය. ඔබතුමාලගේ කතන්දර වලට අහුවෙන අය ඇති. එහෙම අහු වෙච්ච ගියා කනත්තට. 71, 88, 89යේ ඒවා ආපහු ගේන්න එපා. මේ රට ආපස්සට ගෙනියයි කියලා එක්සත් ජාතික පක්ෂයටත් බනිනවා. මෙහාටත් බනිනවා. හැබැයි තමුන්නාන්සේලා මිනිස්සු මරාගෙන මේ රටේ ආර්ථිකය මොනතරම් විනාශ කලාද? ඔබතුමාලාගේ කාලයේ. ඒක අමතක කරන්න එපා. නිකම් මේ තමුන්නාන්සේ සුදනා වෙලා. තමන්ගේ පක්ෂ සුදනා වෙලා, කරන්න තියෙන ඔක්කොම විනාශ කරලා. මේ පක්ෂ දෙකට ගහන්න සූදානම් වෙන්න එපා. තමුන්නාන්සේ ඇමැතිකම් ගත්තා අපි ඔක්කොම දන්නවා. මම එතැනට වැටෙන්නේ නැහැ.

මම ආදරෙන් මේ රටේ ජනතාවට කියනවා, මේක කුමන්ත්‍රණයක්. ව්‍යවස්ථාවෙන් පිට කොහොමද වැඩ කරන්නේ. අපි ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා. අපි දිවුරුම් දීලා තියෙනවා. ඒ නිසා තමුන්නාන්සේ ව්‍යවස්ථාවෙන් පිට වැඩ කරන එක තමයි 88 89 71 කාලෙදි කෙරුවේ. ඒක තමයි අදත් කරන්නේ. අදත් අපි දකිනවා තරුණයෝ ගණනාවක්. ඔබතුමා කියනවා 69ලක්ෂ ඡන්දෙ දුන්න අය බැහැලයි කියලා. ඔබතුමාලා හිමින් ඇවිල්ලයි විපක්ෂය අය උද්ඝෝෂණ කරද්දි ඒවට රිංගලා ඒකෙ ලකුණු ටිකක් ගන්න හදනවා. තමුන්නාන්සේලාගේ සෙනග කියලා. කැබිනට් එක ඉල්ලලා අස්වුනේ අපිට ඔක්කොටම එකතු වෙලා වැඩ කරන්න පුළුවන් වෙයි කියලා හිතපු නිසා.”

-පංචාලි

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us