අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සදහා රුපියල් මිලියන 2,500ක් !

Published in පුවත්
Saturday, 09 April 2022 22:46

අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍ය සහ සෞඛ්‍ය උපකරණ මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 2,500ක් මුදල් අමාත්‍යාංශය පෙරේදා (7) සෞඛ්‍ය අංශ වෙත පිරිනමා ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයට රුපියල් මිලියන 1,000ක්, ඖෂධ නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 1,000ක් සහ රජයේ වෛද්‍ය සැපයුම් දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 500ක් ලෙස මේ මුදල් දුන් බව මහා භාණ්ඩාගාරයේ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව සදහන් කර තිබේ. ඒ අනුව අත්‍යවශ්‍ය බෙහෙත්, වෛද්‍ය උපකරණ ඇතුළු සෞඛ්‍ය අංශ වියදම් පියවා ගැනීමට අරමුදල් නැතිකමින් මතුව තිබූ ගැටලු ගණනාවක් මේ නිසා විසඳී තිබේ.

මේ මොහොතේ සෞඛ්‍ය පද්ධතිය තුළ යම් කිසි අර්බුදයක් ඇති බව සැබෑවකි. එහෙත් එය සමාජ මාධ්‍ය තුළින්ද, කූට දේශපාලනික පක්ෂ තුළින්ද අතිශෝක්තියෙන් දක්වනවා මෙන් සෞඛ්‍ය පද්ධතියේ අර්බුදයක් නොමැති බව පැවසිය යුතුය..අප පසු ගිය කාලයේ මුහුණ පා සිටියේ ලෝක වසංගතයකටය ..ලෝකයේම රටවල් බලන් හිටිද්දී කඩා වැටෙද්දී,මිනී කදු ගොඩ ගැසෙද්දී බලාපොරොත්තු සුන් වූ හදවත් තුළින් වෛද්‍යවරු රෝගීන්ට ප්‍රතිකාර කරද්දී , එය එලෙසම අපේ රටටද බලපෑවේය..එහිදී සියලු දෙනා සිතුවේ ලෝකයේ දියුණු රටවල් වලට පවා මෙවන් අතිශය ඛේදනීය ඉරණම් වලට මුහුණ දෙන්න වුවා නම් ශ්‍රී ලංකාවක් ඉතුරු නොවේවි යැයි කියා බොහෝ දෙනෙක් සිතුවේය..එහිදී වසංගතය තුළින්ද පටු දේශපාලනික අරමුණු ඉටු කර ගැනීමට වෙහෙසුණු පක්ෂ කණ්ඩායම් සිදු කළේ ආණ්ඩුවට කකුලෙන් ඇදීමය ..එහෙත් ලෝකයේම අවදානයට ප්‍රශංසාවට පත්වෙමින් මේ පුංචි රට කොවිඩ් මාරයාගෙන් බේරා ගැනීමට වත්නම් රජයට හැකි විය..

එසේනම් සිතන්නට ඇත්තේ යුද්ධයකට නිමාවක් තැබූ රාජපක්ෂලාට ,වසංගතයකට තිත තැබූ රාජපක්ෂලාට ඉදිරියේදී කුමන අභියෝගයක් ආවද ඒවාට මුහුණ දෙමින් රටේ ජනතාවගේ ජිවිත වලට වගවිමට වත්මන් නායකත්වය බැදී ඇති බවය.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us