අර්බුදයෙන් ගොඩ ඒමට රටවල් රැසකින් සහන !

Published in පුවත්
Thursday, 21 April 2022 13:15

ශ්‍රී ලංකාව වෙත හදිසි මානුෂීය ආධාර තොගයක් ලබාදීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත.

තානාපති කාර්යාලය සඳහන් කර ඇත්තේ චීන විදේශ අමාත්‍යාංශය සහ ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා නියෝජිත ආයතනය එක්ව මෙම ආධාර ලබාදීමට තීරණය කර ඇති බවයි.

වත්මන් දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා මෙරට ජනතාවට උපකාර කිරීමේ අරමුණින් මෙම ආධාර ලබාදෙන බවත් එසේ ලබා දෙන ආධාර සම්බන්ධයෙන් වන තොරතුරු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බව චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීම සදහා තවත් ඩොලර් මිලියන 500 ක මූල්‍යාධාර ලබාදීමට ඉන්දියාව එකඟ වී ඇති බව අමාත්‍ය මහාචාර්ය ජීඑල් පීරිස් මහතා පවසනවා. විදේශ අමාත්‍යවරයා තවදුරටත් සදහන් කළේ බංග්ලාදේශයට ගෙවිය යුතු ඩොලර් මිලියන 450 ක ගෙවීම කල් දැමීමට එරට රජය කැමැත්ත පල කර ඇති බවයි.

මේ මොහොතේ ශ්‍රී ලංකාව පත්ව ආර්ථික අර්බුදයෙන් ගොඩ ගැනීම සදහ මිත්‍ර රටවල් මෙලෙස සහය දක්වමින් ඇත. එය මේ මොහොතේ රටට විශාල ශක්තියක් වනවා සේම නැවත නැවතත් ඒ ඒ රටවල් වල ඇති මිත්‍රත්වය විදහාදක්වන්නකි. සෙසු රටවල් අපේ රටේ අර්බුදයට විසදුම් සෙවීමට මුදලින් ශක්තියක් වෙද්දී අපේම රටේ අපේම ජනතාවගේ යුතුකම වන්නේ මේ මොහොතේ සමස්ත ශ්‍රී ලංකාවම වෙනුවෙන් වචනයකින් හෝ ශක්තියක් වීම පමණකි.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us