IMF වෙතින් ලංකාවට ධනාත්මක ප්‍රතිචාරයක් !

Published in පුවත්
Tuesday, 19 April 2022 18:46

මුදල් අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා Kristalina Georgieva මහත්මිය ප්‍රධාන නියෝජිතයින් සමඟ ඊයේ ( 18) වොෂින්ටන් ඩීසී හි IMF මූලස්ථානයේ දී හමු වී තිබේ.

ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය සමනය කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඔවුන්ගේ උපරිම සහයෝගය ලබා දෙන බවට මුදල් අමාත්‍යවරයා වෙත සහතික වී ඇති අතර ශ්‍රී ලංකාව වෙත ලබා දෙන සහයෝගය ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් ද ලැබී තිබෙයි.

මේ අතර ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ( Nirmala Sitharaman )සහ ඉහළ පෙළේ ඉන්දීය ආර්ථික දූත පිරිස ද ඊයේ ( 18) දින වොෂින්ටන් හි IMF මූලස්ථානයේ දී මුදල් අමාත්‍යවරයා හමුවිය.

සීතාරාමන් මහත්මිය ද ශ්‍රී ලංකාවට ඉදිරියට යාමට ඉන්දියාවෙන් උපරිම සහයෝගය ලබා දෙන බවට අලි සබ්‍රි මහතා වෙත සහතික වී ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සංවර්ධනය ශක්තිමත් කිරීමට සහ ජාතීන් දෙක එක්ව ඉදිරියට යන විට ශක්තිමත් බැඳීම් ගොඩනැගීමට ඉන්දියාවේ කැපවීම පිළිබඳව ද අවධාරණය කර තිබේ.

අද ( 19) තවත් සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට තවදුරටත් කටයුතු යොදා ඇත. මෙම රැස්වීම් සඳහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු ද සහභාගි වූහ.

-මව්රට

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us