සූර්ය බල ශක්තියෙන් 100MWක් ජාතික විදුලිබල පද්ධතියට !

Published in පුවත්
Friday, 29 April 2022 12:05

සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙලට අනුව පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය කිරීමේ සංකල්පය යටතේ නැගෙනහිර පළාතෙන් ජාතික විදුලි බල පද්ධතියට සූර්ය බලශක්ති උත්පාදනය තුළින් 100MWක් එක් කිරීමට අදාළ ගිවිසුම් දෙකකට ඊයේ දිනයේ අත්සන්තැබිණි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී ඊට අදාළ ගිවිසුම් ගත වීම සිදු විය.

මෙම ව්‍යාපෘති වල ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන 120කි. පළාත් සභාව සතු පාසල් 279ක් හැර සෙසු පාසල් සියල්ලෙහිම වහලවල් සහ පළාත් සභාව සතු සියළු රජයේ ගොඩනැගිලි වල වහලවල් මේ සදහා භාවිතා කෙරේ. මෙහි විශේෂත්වය වන්නේ අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදි එයින් ලැබෙන ලාභයෙන් 20%ක් රජයට අයවන සේ මෙම ගිවිසුම් ක්‍රියාත්මක වීමය.

ඊට අමතරව මෙම ව්‍යාපෘතිය සදහා භාවිතා කරන නමුත් දැනට අබලන් තත්වයේ පවතින පාසල් සහ රෝහල් වල වහල ප්‍රතිසංස්කරණය කිරීම ද මෙමගින් සිදු වනු ඇත. මේ අතර ව්‍යාපාතිය සදහා භාවිතා කෙරෙන පාසල් වලට අවශ්‍ය විදුලිබල පහසුකම් ද නොමිලේ ලබා දීමට කටයුතු යොදා තිබේ.

සෞභාග්‍ය දැක්ම රජයේ ප්‍රතිපත්ති රාමුව අනුව යමින් 2030 වන විට දැයේ විදුලිබල අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බලශක්ති ඉලක්ක මගින් ළගා කර ගැනීම රජයේ අරමුණයි . ඒ අනුව පසුගිය වසරේ මේ පිළිබදව සකජ්ජා පැවැත්වූ අතර එහිදී, රජයේ වෘත්තීය පුහුණු අධිකාරියට අයත් ගොඩනැගිලිවල වහල මත සුර්ය පැනල සවිකිරීමට යෝජනා වු අතර එය මේ විට නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ.

තවද, රජය සතු වෘත්තීය පුහුණු ආයතන මඟින් සුර්යබල ව්‍යාපෘති ස්ථාපිත කිරීම සඳහා පුහුණු තාක්ෂණික ශිල්පීන් බිහිකිරීමට අදාලා පාඨමාලාවන් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ රැකියා ඉලක්ක කරගනිමින් මේ වන විට සිදු වේ.. මෙම පාඨමාලව අවසානයේ රජයේ පිලිගත් සහතිකයක් පිරිනැමේ. තවද, පාඨමාලාව මසක් වැනි කෙටි කලක් තුල නිම කිරීමට යෝජිත අතර එය අවසන් කරන පුහුණු ලාභීන්ට NVQ මට්ටමේ වෘත්තීය පුහුණු පාඨමාලාවක් දක්වා හැදෑරීමටත්, අවසානයේ උපාධි පාඨමාලව දක්වා ද අධ්‍යන මට්ටම රැගෙන යා හැකිය.

මෙමගින් රැකියා විරහිත තරුණ තරුණියන් හට සුර්යබල ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා 10000 අධික ප්‍රමාණයක් සඳහා දොරටු විවර වනවා ඇත. එපමණක්ද නොව විදේශ රටවල ද මෙම ක්ෂේත්‍රයේ තාක්ෂණික ශිල්පීන් සඳහා විශාල ශ්‍රම වෙළදපලක් බිහි වී ඇති අතර එම අවස්ථාව අප රටේ තරුණ තරුණියන්ට සපුරාලිය හැකි නම් එය රටේ සංවර්ධනයටත් ඔවුන්ගේ ආර්ථික මට්ටම ශක්තිමත් කිරීමටත් ඉමහත් පිටුබලයක් වනු ඇත.

-මහේෂි

Leave a comment

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us