සෞඛ්‍ය ක්ෂේත්‍රයට රටවල් රැසකින් ආධාර !

Published in පුවත්
Friday, 29 April 2022 12:41

ඉන්දුනීසියානු රජය ලබාදුන් රුපියල් මිලියන 570ක් (ඇමරිකානු ඩොලර් මිලියන 1.6) වටිනා වෛද්‍යාධාර ඊයේ සවස කටුනායක ගුවන් තොටුපොළේ දී ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති දේවි ටෝබින් මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශයට බාර දුන්නාය.

පිළිකා රෝගීන් සඳහා අවශ්‍ය වන ඖෂධ සහ ශල්‍ය වාට්ටුවල යොදා ගන්නා උපාංග මෙම පරිත්‍යාගයට අයත් වේ. කොටස් දෙකකින් පරිත්‍යාගය ලැබෙන අතර දෙවැනි කොටස මැයි 08 වැනිදා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය.

මේ අතර ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ අද දිනයේ තවත් අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් මෙරටට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, එම ඖෂධ තොගය රැගත් නෞකාව අද පස්වරුවේ මෙරටට ළඟා වන බවයි. එම ඖෂධ රෝහල්වල පවතින ඖෂධ හිඟය පියවා ගැනීම සඳහා භාවිත කළ හැකි බව ඔහු සඳහන් කර ඇත.
ඊට අමතරව විදේශ රටවල සිටින පුද්ගලයින්ගෙන් පරිත්‍යාග ලෙස විවිධ ඖෂධ වර්ග ලැබෙමින් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ ය. ජාතික රුධිර පාරවිලනය මධ්‍යස්ථානයේ හිඟව පැවැති රුධිර බහාලන බෑග් තොගයක් මෙරටට ලැබී බව සෞඛ්‍ය අංශය සදහන් කරයි.
රුධිර පාරවිලනය මධ්‍යස්ථානයට සතියකට බෑග් 8000 ක් පමණ අවශ්‍ය වන අතර පෙරේදා දිනයේ හිඟව පැවැති රුධිර බහාලුම් බෑග් තොගයක් ලැබුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. එම තොගය මෙරටට ලැබී ඇත්තේ, විදේශ පරිත්‍යාගයක් ලෙසයි. හිඟව පවතින තවත් රුධිර බහාලන බෑග් තොගයක් මැයි මාසයේ දෙවන සතිය වන විට ලැබිමට නියමිතයි.

රට පත්ව ඇති අර්බුදය හමුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේද ඖෂධ ඇතුළු උපාංග වල හිගයක් ඇති බව සැබෑ තත්වයකි..එහෙත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරන්නේ මෙම ඖෂධ ඇතුළු උපාංග වල හිගය සුළු හිගයක් බවත් එමගින් රෝගීන් පිඩාවට පත් නොකිරීමට මේ වන විටත් විදේශ ආධාර ලැබෙමින් පවතින බැවින් එය මහා අර්බුදයක් කරා ගමන් නොකරන බවත්ය. එහෙත් මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය මහා අර්බුදයකට පත්ව ඇතැයි හඩ නගන්නේ විපක්ෂය ප්‍රමුඛ දේශපාලන කණ්ඩායම්ය..ඔහුන්ගේ අභිලාෂය සැබැවින්ම රට එවන් අර්බුදයක් කරා ගමන් කරනු දැකීමය..එහෙත් අපට මතක් කිරීමට ඇත්තේ තිස් වසරක යුද්ධයකින් බැට කෑ රටක් ,ඉන් ගලවා ගෙන පුරවැසියාගේ ජිවිත සුරක්ෂා කෙරු නායකත්වය, ලෝකයේම කොවිඩ් වසංගතයෙන් මිනි කදු ගොඩ ගැසෙද්දී මේ දුපත මරණයෙන් බේරා ගත් නායකත්වය ,මෙවන් සුළු අර්බුද හමුවේ පුරවැසියාගේ ජිවිත අනතුරේ නොහෙළන බවය.

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us