කළුකඩ මාෆියාවවට එරෙහිව මිළ සුත්‍රයක් !

Published in පුවත්
Monday, 02 May 2022 12:14

පොහොර ආනයනය කරන සමාගම්වලට මිල සූත්‍රයක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බව පොලොන්නරු දිස්ත්‍රික් ගොවි සංවිධාන නියෝජිතයන් සමඟ පෙරේදා පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම හා වාරිමාර්ග ඇමැති ජානක වක්කුඹුර මහතා පැවසීය.

පොහොර ආනයනය කරන පෞද්ගලික සමාගම් අධික මිලකට පොහොර අලෙවි කිරීම නිසා ගොවීන් මේ වන විට දැඩි දුෂ්කරතාවට මුහුණ පා තිබේ.

මෙම තත්ත්වය වළක්වාලීම සඳහා රජය ඉදිරි යළ කන්නය සදහා අවශ්‍ය පොහොර ආනයනය කිරීමට කඩිනම් පියවර ගෙන ඇති අතර ඉතා ඉක්මණින් රජය ආනයනය කරන පොහොර අඩු මිලට ගොවින්ට දීමට දැනටමත් අවශ්‍ය පියවර ගෙන ඇත. එමෙන්ම මහ කන්නයට අවශ්‍ය රසායනික පොහොර සම්පූර්ණයෙන්ම ලබාදීමට අවශ්‍ය කටයුතුද මේ වන විට රජය සූදානම් කර ඇත.

මේ අතර පොහොර නැවක් කොළඹ වරායට පැමිණ ඇති අතර පොහොර ගොඩබෑමේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව වාර්තා වේ.
පෞද්ගලික අංශයෙන් පොහොර ආනයනය කර වැඩි මිලට අලෙවි කිරීමෙන් ගොවි ජනතාව මුහුණදෙන ගැටලුවලට ද මේ තුළින් විසදුම් ලැබෙන බව පෙන්වා දෙන අමාත්‍යවරයා ඒ තුළින් ගොවි ජනතාවට කිසිදු අසාධාරණයක් නොවන බව ප්‍රකාශ කර ඇත.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us