අඩු මිලට ගෑස් දෙන්න ලිට්‍රෝ ගත් තීරණය !

Published in පුවත්
Saturday, 30 April 2022 19:55

පාරිභෝගිකයින් සඳහා අඩු මිලට ගෑස් ලබාදීම අරමුණු කරගනිමින් නව සැපයුම් කරුවෙකුගෙන් ගෑස් ආනයනය කිරීමට ලිට්‍රෝ ගෑස් සාමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව තායිලන්තයේ සියාම් ගෑස් සමාගම ඒ සදහා තෝරා ගත් බවයි ලිට්‍රෝගෑස් සමාගම නිවේදනය කරන්නේ.

පසුගිය වසර දහයක කාලයක් තුල මෙරටට ගෑස් ආනයනය සිදුකළේ ඕමාන් සමාගමකින්. කෙසේ වෙතත් වෙනත් සමාගම්වලින් ගෑස් ආනයනය කිරීමට අවස්ථාව තිබියදී දීර්ඝකාලයක් එකම සමාගමකින් ගෑස් ආනයනයට පියවර ගෙන තිබීම මතභේදාත්මක තත්ත්වයක් බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ පාලන අධිකාරිය සඳහන් කරන්නේ. කෙසේ වෙතත් ඕමාන් සමාගම සමග තිබූ ගිවිසුම අදින් අවසන් වනවා. ලබන මස සිට ඉදිරි වසර දෙකක කාලය සඳහා මෙරටට ගෑස් ආනයනය කිරීමට ටෙන්ඩර් කැදවා ඇති බව එම සමාගම තවදුරටත් පවසනවා. ඕමාන් සමාගම මෙරටට එවන ලද අවසන් ගෑස් නෞකාව ඊයේ මෙරටට මුහුදු සීමාවට ලගාවුණා. ඉන් ගොඩබාන ලද ගෑස් වෙළෙදපොලට නිකුත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

කෙසේ වෙතත් මුතුරාජවෙල ලිට්ට්‍රෝ ගෑස් පර්යන්තයෙන් දෛනිකව වෙළෙදපොලට නිකුත් කිරීමට හැකියාව ඇත්තේ ගෑස් සිලින්ඩර් විසිදහසක් තිස්දහසක් අතර ප්‍රමාණයක් පමණයි. නාගරික ප්‍රජාවට සහ අත්‍යවශ්‍ය කටයුතුවලට ප්‍රමුඛතාව ලබාදෙමින් ගෑස් බෙදාහැරීමේ කටයුතු සිදුකෙරෙනවා.

-පංචාලි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us