ඉන්දීය ආධාරවලින් යකඩ ගෙනාවද ? මෙන්න ඇත්ත !

Published in පුවත්
Wednesday, 04 May 2022 12:47

ඉන්දියාවෙන් ලැබුණු ණය ආධාරවලින් ඩොලර් මිලියන 750ක යකඩ ගෙන්වනවා යැයි ප්‍රකාශ කිරීම සම්පූර්ණයෙන් අසත්‍යයක් බව සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.

රජය වැඩි අවධානයක් දී තිබෙන්නේ ජනතාවට අත්‍යවශ්‍ය ගෑස්, ඉන්ධන, ආහාර සහ ඖෂධ ගෙන්වීමට බව ඇමැතිවරයා කීවේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකුගේ පැනයට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය ඇමැතිවරයා එසේ කියා සිටියේය.

එමෙන්ම, මේ පිළිබඳ තමන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර සත්‍ය තත්ත්වය සෙවූ බවත්, ඒ අනුව සිදුව ඇත්තේ ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක ණය ලැබීමෙන් අනතුරුව එම ණය ආධාරය භාවිත කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ සාකච්ඡාවක් තිබී ඇති අතර එම සාකච්ඡාවේදී පළමුව ඩොලර් මිලියන 300ක් ආහාර, ඩොලර් මිලියන 200ක් ඖෂධ සඳහා සහ ඩොලර් මිලියන 500ක් කර්මාන්තවලට අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා යෙදවීමට තීන්දු කර තිබී ඇති බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

එහෙත්, මේ අමුද්‍රව්‍ය වනාහි බොහෝ විට අපනයනය සඳහා අවශ්‍ය කරන අමුද්‍රව්‍ය වන අතර පසුගිය දිනවල මෙරට පැවති ඩොලර් අර්බුදය හේතුවෙන් එම අමුද්‍රව්‍ය ගෙන්වීමට නොහැකිව තිබුණු බව ද හෙතෙම කියා සිටියේය.

කෙසේ වුවද, මෙරට ඉන්ධන සහ ගෑස් සම්බන්ධයෙන් විශාල අර්බුදයක් පැනනැඟුණු හෙයින් එම ණය ආධාරවලින් අමුද්‍රව්‍ය ගෙන්වීමට ඩොලර් මිලියන 260ක් ද ආහාර සඳහා ඩොලර් මිලියන 180ක්, ඖෂධ සඳහා ඩොලර් මිලියන 200ක්, ගෑස් සඳහා ඩොලර් මිලියන 160ක් වශයෙන් වෙන් කෙරෙන බව පැවසූ හෙතෙම වානේ ගෙන්වීමට මෙමඟින් යෙදවෙන්නේ ඩොලර් මිලියන 40ක් පමණක් බව පැවසීය.

ඒ අනුව, ණය ආධාරවලින් ඩොලර් මිලියන 750ක යකඩ ගෙන්වනවා යැයි එල්ල කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

-අරුණ

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us