ජනතාවට සහන සැලසීමට භාණ්ඩ රැසක මිළ පාලනයක් !

Published in පුවත්
Thursday, 05 May 2022 13:36

රටෙහි පවතින අර්බුදකාරී පරිසරය මධ්‍යයේ වුවද පාරිභෝගිකයාට සහන සැලසීමේ අරමුණින් භාණ්ඩ මිළ විචාලනය වැලක්වීම පිණිස අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කිරීමට වත්මන් රජය කටයුතු කරමින් සිටි. 

මෙතෙක් පාරිභෝගික අධිකාරිය භාණ්ඩවල මිල පාලනයක් නොකළ අතර ඉදිරියේදී දේශීයව නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ සඳහා උපරිම මිලක් නියම කිරීමට බලාපොරොත්තු වනබව සමූපකාරසේවා, අළෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ගුණපාල රත්නසේකර සදහන් කර ඇත.

අත්‍යාවශ්‍ය භාණ්ඩ කවරේදැයි නිශ්චිත ලැයිස්තුවක් මෙතෙක් කල් නොතිබීම නිසා භාණ්ඩ වලට උපරිම මිලක් නියම කිරීමට නොහැකිවිය. ඒ අනුව ඉදිරියේදී එවැනි ලේඛනයක් සකසා පාලන මිලක් නියම කිරීමට රජයේ සැලසුමයි.

පවත්නා අර්බුදකාරී වාතාවරණය තුල ජනතාවට සහනයක් ලෙස සහල් මිල ඉහළ යාම වැලැක්වීමට නව ගැසට් පත්‍රයක් මගින් උපරිම මිලක් මේ විටත් නියම කර ඇත. මෙම උපරිම මිල දේශීය වශයෙන් නිෂ්පාදනය කරනු ලබන සහල් සඳහා පමණක් නියම කර තිබේ.

වී අලෙවි මණ්ඩලය විසින් විශේෂ සහනදායී මිලට සපයන සහල් සඳහා උපරිම මිල බල නොපාන බවයි වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන මහතා පවසා සිටින්නේ.

2015 ට පසු වී අලෙවි මණ්ඩලය එකතුකරගත් ඉහළම අරාක්ෂිත වී තොගය වන මෙට්‍රික් ටොන් 70,000 කට අධික ප්‍රමාණයක් මෙම වසර තුල ලබාගෙන තිබේ. එම වී උත්සව සමය ඉලක්ක කර ගනිමින් අමාත්‍ය මණ්ඩල තීරණ අනුව සතොස,සමූපකාර සහ සුපිරි වෙළෙඳසැල් වෙත රු.140 ක මිලකට සැපයේ. ඒ අනුව අප්‍රේල් මස මුල සිට රුපියල් 145ක මිලකට සතොස, සමූපකාර ජාල වෙතින් සහල් මිලදී ගැනීමට පිළිවන. මෙම අර්බුදකාරී මොහොතේ රජය ගත් මෙම තීරණ ජනතාවට මහගු සහනයක් වනවා ඇත.

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us