සිරකරුවන් ප්‍රහාරයට ‍රැගෙන ආ කතාව බොරුවක්

Published in පුවත්
Tuesday, 10 May 2022 16:04

ඊයේ (09)දිනයේදී ගාලු මුවදොර පැවැති සාමකාමී අරගලයට ප්‍රහාර එල්ල කිරීම සඳහා අරලියගහ මන්දිරයේ සිට පැමිණි පොදු පෙරමුණේ ආධාර කරුවන් අතරට වට‍රැක සිරකඳවුරේ සිරකරුවන්ද යොදාගෙන තිබුණු බවට එල්ල වන චෝදනාව බන්ධනාගාර දෙපාර්තමේන්තු ප්‍රධානින් ප්‍රතික්ෂේප කර සිටියි.

සිරකරුවන් පුනරුත්තාපන වැඩ පිලිවෙල යටතේ වෘත්තීය පුහුණුව ලබන සිරකරුවන් අදාල වැඩ බිම් වලට ගෙන ගොස් පුහුණු අවස්ථවන් ලබා දෙන අතර ඊයේ දිනයේදීද එලෙස කොළඹ වැඩ බිම් සඳහා ගෙන ආ සිරකරුවන් රැගත් බස් රථයක් ආපසු යමින් තිබියදී කැරලිකාර පිරිස් විසින් මඟ නවත්වා එම පිරිස ප්‍රශ්න කර තිබේ.
මෙම සිරකරුවන් අරගලයට පහර දීම සඳහා ගෙන ආ පිරිසක් බවට සැක කිරිම මත එම සිද්ධිය වූ අතර ඒ සම්බන්ධ මාධ්‍ය වාර්තා මඟින්ද එම සැකය තහවුරු වන ලෙස තොරතුරු බෙදාහැර තිබිණි.

සිරකරුවන් පුනරුත්තාපන වැඩ පිළිවෙල වෙනුවෙන් ඇවන්ට්ගාර්ඩ් ආයතනය මැදිහත්ව කටයුතු කිරීම නිසා මෙම සිරකරුවන් ප්‍රහාරයට ගෙන ආ අය බවත් එම පිරිස් ගෙන එම ඇවන්ටගාර්ඩ් ආයතනය මඟින් සිදු කළ බවටත් මතයක් සමාජ මාධ්‍ය තුලද සැරි සරමින් තිබේ.ඇවන්ට්ගාර්ඩ් ආයතන හිමිකරු නිශ්ශංක සේනාධිපති මහතා පවතින රාජපක්ෂ පාලනයට දැඩි හිතවත්කමකින් කටයුතු කිරීම සහ මෙයට පෙර අවස්ථා ගනනකදී විරුද්ධ පක්ෂ ක්‍රියාකාරකම් මැඩලීම වෙනුවෙන් එම ආයතන සේවකයන් යෝදා ගැනීම ගැනත් චෝදනා එල්ල වී තිබිණි.මේ නිසා මෙම වැරදි තොරතුරු ප්‍රචාරය පහසුවෙන් සිදුව තිබේ.

යම් ලෙසකින් මෙම සිරකරුවන් ප්‍රහාරයට රැගෙන ආවා නම් එය බරපතල තත්වයක් බව අමුතුවෙන් කිව යුතු නැත. කෙසේ නමුත් ඊයේ දිනයේදී සිදු වූ ප්‍රහාරයට මෙම සිරකරුවන් සම්බන්ධ වී නැති බවත් එය වැරදි තොරතුරක් සමාජ ගත වීමක් බවත් මෙ අවන විට තහවුරුව ඇත.

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us