පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් මෙරටට !

Published in පුවත්
Thursday, 05 May 2022 14:05

ඉන්දීය රජයේ සහයෝගීතාවය මත ඉන්ධන රැගත් තවත් නෞකාවක් ඊයේ (04) කොළඹ වරාය වෙත ළඟා වී ඇති බව ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

මෙම ඉන්ධන නෞකාව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000කින් සමන්විත බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සදහන් කරයි.

ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඉන්දියාවේ කැපවීම පිළිඹිබු කරමින් පවතින අර්බුදය හමුවේ මේ වනවිට ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව වෙත විවිධ වර්ගයේ ඉන්ධන මෙට්‍රික් ටොන් 440,000ක් පමණ ලබා දී තිබේ. එසේම තවත් ඉන්ධන තොග ඉදිරියේදී ලබා දීමට නියමිතය.

රටේ පවතින අර්බුද කෙමෙන් කෙමෙන් විසදෙන කොළ එළි දැල්වෙන විට ඒවා බලා විපක්ෂය කියා සිටින්නේ රට තවමත් වැටුණු තැනම බවය..ඒ තුල පැහැදිලිවම ඇත්තේ රට ගැන ,රටේ ජනතාව ගැන කැක්කුමක් නොව තම පක්ෂයේ දේශපාලන අනාගතය ගැන සිහිනය..ඒ බව ඕනෑම නොදරුවෙකුට වුවද සිතාගත හැකිය..විපක්ෂය කියන අන්දමට තෙල් ප්‍රශ්නයවත් මේ වන විට යම් තාක් දුරටවත් විසදී නොමැති නම් මෙතරම් වාහන තදබදයක් රටේ තිබිය හැකිද? ගමන් සදහා පොදු ප්‍රවාහන සේවය භාවිතා කරන්නැයි ඉල්ලීම් කර සිටියද අපට නම් දැක ගත හැක්කේ වෙනද මෙන්ම මහමග ඇති වාහන තදබදයන්ය. මේවා වටහා ගැනීමට තරම් රටේ පුරවැසියන්ට බුද්ධියක් ඇත. කෙසේවෙතත් අනෙකුත් අර්බුද සේම මේ තෙල් අර්බුදය ඉතා ඉක්මනින් සම්පුර්ණයෙන්ම විසදෙන බව හැකිය.

-මහේෂි

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us