විමල්ගේ බිරිඳ ශෂී වීරවංශට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම්

Published in පුවත්
Friday, 27 May 2022 13:33

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (මැයි 27) තීන්දු කළේ ය. එසේ ම, රුපියල් ලක්ෂයක දඩයක් නියම කළ අධිකරණය එම දඩය නොගෙවන්නේ නම්, මාස හයක සිර දඬුවම් ද නියම කළේ ය.

රාජ්‍ය නිලධාරීන් දේශපාලන බලය මත අයුතු ලෙස කටයුතු කර ඇති බවට සඳහන් කරමින්, මෙම තීන්දුවේ පිටපතක් රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය වෙතට යොමු කරවන ලෙස අධිකරණය එහිදී නියම කළේ ය.

අවිධිමත් රාජ්‍ය ත්‍රාන්තික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේ චෝදනාවට අදාළ ශෂී වීරවංශට එරෙහි නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පූර්වගාමී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා මෙම නියෝගය ලබා දුන්නේ ය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සම්බන්ධයෙන් ශෂී වීරවංශ හෙවන් රන්දුණු මුදියන්සේලාගේ ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව අදාළ නඩුව ගොනු කර තිබිණි.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේදී මෙම ගමන් බලපත්‍ර වංචාව සිදුකර තිබිණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us