ශ්‍රී ලංකාව රැකගැනීම සඳහා ජාත්‍යන්තර මෙහෙයුමක් ! Featured

Published in පුවත්
Friday, 27 May 2022 14:04

ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට ඉන්දියාව සහ ජපානය එකඟ වී තිබේ. පසුගිය දා ටෝකියෝ නුවරදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව මේ බව ජපාන රජය ප්‍රකාශ ප්‍රකාශ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

මැයි 24 වන දින පැවති Quad සමුළුවට සමගාමීව හමු වූ අවස්ථාවේදී ඔවුන් මෙලෙස එකඟතාව පළ කර ඇත.

එහිදී ආරක්ෂක ඇතුළු ක්ෂේත්‍රවල සහයෝගිතාවට අමතරව නිදහස් සහ විවෘත ඉන්දු-පැසිෆික් කලාපයක් සාක්ෂාත් කර ගැනීමේ උත්සහයන් ප්‍රවර්ධනය කිරීම සඳහා “සමීප සහයෝගීතාව” පිළිබඳ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

ආරක්ෂක, පිරිසිදු බලශක්ති සහ ආයෝජන ද සිදු කිරීමට එහිදී සාකච්ඡා වී තිබේ.

එම හමුවෙන් පසුව, ජපාන විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කර ඇත්තේ, දෙරට නායකයින් “ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළ අතර වත්මන් ආර්ථික අර්බුදය සහ රටේ මානුෂීය තත්ත්වය පිරිහීම සම්බන්ධයෙන් ඔවුන් එකිනෙකා සමග සහයෝගයෙන් කටයුතු කරන බවට තහවුරු කළ බව ය.

තව ද ඔවුන් ඉන්දු පැසිෆික් ආර්ථික රාමුව (Indo-Pacific Economic Framework IPEF )සැලකිය යුතු ප්‍රතිලාභ ගෙන දෙන රාමුවක් බවට සංවර්ධනය කිරීම සඳහා එකට වැඩ කිරීමේ අදහස් බෙදා ගත් බව ජපාන විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත.

පසුගිය 2022 මැයි 23 වන දින ටෝකියෝ හි දී, කලාපීය සමෘද්ධිය ඉලක්ක කර ගත් ඉන්දු-පැසිෆික් ආර්ථික රාමුව (IPEF) නිල වශයෙන් දියත් කිරීමට කටයුතු කර තිබිණි. අමරිකානු ජනාධිපති බයිඩෙන් සහ කලාපීය රාජ්‍ය නායකයන් 12 දෙනෙකු ඒකාබද්ධ ප්‍රකාශයක් ද එහිදී නිකුත් කර තිබිණි. සමුළුවේ අරමුණු ලෙස කුමක් කියවුණත් එහි මුලික අභිප්‍රාය වන්නේ මෙම කලාපය තුළ චීන අධිපත්‍යයට අභියෝග කිරීමය.

ඒ අනුව ශ්‍රී ලංකාවද චීන ග්‍රහණයෙන් මුදවා ගැනීම මෙම රාජ්‍යයන්හී වුවමණාව වී තිබේ. මේ වන විට ශ්‍රී ලංකාව වැටී තිබෙන අර්බුද හමුවේ එයින් ගැලවීම සඳහා මෙම රාජ්‍යයන් සහය වන්නේ චීනයේ මැදිහත් වීම වැලැක්වීම ද අරමුණු කරගෙනය.

විශේෂයෙන්ම චීනයෙන් මෙරට ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් අනුගමනය කරන දෘඩ පිළිවෙත හේතුවෙන වත්මන් ආර්ථික අර්බුදය හමුවේ යම් සහනයක් ලබා ගැනීමේ අවස්ථාවන්ද දුරස් වෙමින් පවතී.මේ නිසා චීන ණය යනු උගුලක් බව මේ වන විට පැහැදිලි කාරණාවක් බවට පත්ව තිබේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us