ආචාර්ය සමරතුංග යටතේ ආර්ථිකය හසුරුවන්න සුපිරි කමි‍ටුවක්.   Featured

Published in පුවත්
Monday, 30 May 2022 11:40

පසුගිය යහපාලන යුගයේදී මුදල් අමාත්‍යංශ ලේකම් වරයා ලෙස කටයුතු කළ ආචාර්ය ආර්. සමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ආර්ථිකය ස්ථාවර කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම සදහා වැඩි බලතල සහිත කමිටුවක් පත් කොට ඇත. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පියවර ගෙන ඇත්තේ මෙරට ආර්ථිකය හැසිරවීම සඳහා වන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීම වෙනුවෙනි.

ආචාර්ය ආර්. සමරතුංග මහතා මුදල් අමාත්‍යංශ ලේකම් වරයා ලෙස කටයුතු කරන සමයේදී මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි කටයුතු කළ අතර මුදල් අමාත්‍ය වරයා ලෙස මංගල සමරවීර වගකීම් උසුලන ලදී. මෙම පුද්ගල ත්‍රිත්වයේ මනා සංයෝගය විසින් අයාලේ ගිය ආර්ථිකය යළි නිවැරදි මාවතට ගැනීමට එදා හැකිව තිබිණි.

එහිදී ආචාර්ය සමරතුංග මහතාගේ භූමිකාව අතිශයින්ම වැදගත් තැනක තිබුණු අතර කිසි ලෙසකින්වත් වැරදීම් සිදු නොවීමට ඔහු වග බලා ගත් විශිෂ්ට රාජ්‍ය පරිපාලන නිලධාරියකු ලෙස සියලු දෙනාගේ ගෞරවයට පාත්‍ර වන ලෙස ඔහු කටයුතු කර තිබිණි.

වත්මන් අර්බුදකාරිත්වය හමුවේත් ඔහු විශ්‍රාමික රජයේ සේවකයකු වූවත් රටට ඇති වගවීම ප්‍රකට කරමින් පසුගිය කාලය පුරාම ආර්ථික ක්ෂේත්‍රයට සම්බන්ධ නිලධාරීන්, බලධාරීන් සහ දෙස් විදෙස් ආර්ථික විශේෂඥයන් හමු වෙමින් රටේ ආර්ථිකය නිවැරදි මාවතකට ගැනීම වෙනුවෙන් නිහඩ සහ සක්‍රීය සේවයක යෙදුනු අයෙකි. එහෙත් ඔහුගේ උපදෙස් හෝ පිළි නොගැනීමට වගකිව යුතු පාර්ශ්ව කටයුතු කර තිබුණේ නැත. එසේ නොවන්න අද මේ මුහුණ දෙන බරපතල තත්වයන් ඇති නොවන්න ඉඩ තිබිණි.

රාජපක්ෂ රෙජීමය අනුගමනය කළ වැරදි ප්‍රතිපත්ති මත වත්මන් අර්බුදය ඇතිවීමට පෙර සිටම විය හැකි අනතුර ගැන මනා වැටහීමක් ඔහුට තිබිණු බව ඔහු ඇසුරේ සිටි අය හොඳින්ම දන්නා කරුණකි. එසේම මෙයට විසඳුම කුමක්ද යන්න ගැනත් පැහැදිලි අවබෝධයක් සහිත ආර්ථික විශේෂ්ඥයකු ලෙසත් ඔහුව සැලකේ.

මේ අනුව අගමැතිවරයා පත් කළ මෙම කමි‍ටුවේ ප්‍රධානත්වයට ඔහු පත් කිරීම විශිෂ්ට තීරණයක් වන අතර මෙම කමි‍ටුවට සම්බන්ධ කරගෙන සිටින අනෙකුත් ජේෂ්ඨ සහ කණිෂ්ඨ ආර්ථික විශේෂඥයන් කණ්ඩායමට රටේ ආර්ථිකය නිවැරදි මාවතකට හරවා ගැනීමේ හැකියාව ඇති විශිෂ්ටයන් බව බැලු බැල්මටම පෙන්නෙන්න තිබේ.

මෙම කමිටුවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ,භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන, ආචාර්ය ෂර්මිණි කුරේ,හිටපු මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි සහ ශාන්ත ඩැනියෙල් ඇතුළත් වේ.

කමිටුවේ අනෙකුත් සාමාජිකයින් වන්නේ ඩිෂෙල් ඩි මෙල්, ආචාර්ය සරත් රාජපතිරණ, දිනේෂ් වීරක්කොඩි, අනුෂ්කා විජේසිංහ, ඩැනියෙල් අල්ෆොන්සෝ, දිෂ්නි වීරකෝන් මෙනවිය වේ.

මෙම බොහෝ පිරිස් මංගල සමරවීර සමයේදී ආර්ථිකය සම්බ්න්ධයෙන් ඇමැතිවරයා හා සමීපව කටයුතු කළ අය වේ.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us