ඩොලර් එවන්න ! විදෙස් ශ්‍රමිකයන්ට ගොවියන්ගෙන් ආයාචනයක්  

Published in පුවත්
Monday, 30 May 2022 12:06

මේ අවස්ථාවේ දී ගොවීන්ට වගාවන් සඳහා අවශ්‍ය පොහොර ලබා ගැනීම සඳහා, මෙරටට ඩොලර් එවන ලෙස මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ පුංචිරාල රත්නායක මහතා විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටී.

ඔහු පවසන්නේ මේ අවස්ථාවේ දී වල් නාශක හෝ කෘමි නාශක නොමැතිව වී වපුරා බලා සිටින බවයි. දැනට ලංකාවේ යූරියා තියෙනවා. මෙන්න මේ ටික ‌හොයලා බලලා, මේ ටිකෙන් මිටිය මිටිය හරි දෙන්න වැඩපිළිවෙලක් කරන්න. වල් නාශක නැහැ, කෘමි නාශක නැහැ, කිසිදෙයක් නැතුව අපි වී ටික වපුරාල බලා ඉන්නවා. වතුර ටිකයි වී ටිකයි වෙලේ තියෙනවා.

මම සමස්ත ලෝකයේ ඉන්න සියලුම අපේ ලංකාවාසී, ලංකාවට ඩොලර් ටිකක් එවලා පොහොර ටික ගන්න විතරක්, මේකට අපිට උදව් කරන්න කියලා විදේශ රටවල ඉන්න සියලුම ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.

මේ අතර කවුඩුල්ල ව්‍යාපාරයේ ගොවීන් පවසන්නේ අද වන විට වෙළෙඳපොළේ රු. 40,000 ක් වැනි මිලකට යූරියා අලෙවි ‌වන බවයි.

විදේශ ශ්‍රමිකයන් මෙරටට එවන ඩොලර් ප්‍රමාණය පසුගිය වසර දෙක තුලදී ඉතා අවම තත්වයකට පත් වීම නිසා මෙරට විදේශීය සංචිත කඩා වැටීම කෙරෙහි තීරණාත්මක බලපෑමක් සිදු කර තීබිණි.

විශේෂයෙන්ම ඩොලරයට නියමිත් අගය ලබා නොදීමට එවකට මහ බැංකුව තීරණය කිරෙම නිසා ඩොලර් මෙරටට එවීමට විදේස් ශ්‍රමිකයන් මැලි විය. එසේම උන්ඩියල් සහ හවාලා මාර්ගයෙන් මෙරටට මුදල් එවීමට කටයුතු කිරීම නිසාත් ඩොලර් සංචිත හිස් වීමට බලපා තිබිණි.

එහෙත් මේ වන විට ඩොලරයේ අගය වෙළඳ පොළ අනුව තීරණය කිරීමට ඉඩ දීම සහ තවත් දිරි ගැන්වීමේ ප්‍රතිලාබ ලබා දීමට මහ බැංකුව පියවර ගෙන තිබීම මත මේ වන විට බැංකු හරහා ඩොලර් එවීමේ යම් ප්‍රවණතාවයක් ඇතිව තිබුණද එය ප්‍රමාණවත් නැත.

පොහොර හිඟය නිසා මෙවර යළ කන්නයේ වී වගාව මුළුමනින්ම පාහේ අඩපණව ඇති අතර එම හේතුව නිසා ලබන මහ කන්නයට බිත්තර වී ලබා ගැනීමේ හැකියවද නොපවතින බැවින් ඉදිරි කාලය තුළ මෙරට බරපතල සහල් හිඟයක් ඇතිවීමට නියමිතය. එසේම සෙසු සියළූම වගා කටයුතුද දුර්වල වෙනු ඇත. ඩොලර් හිඟය නිසා විදේශයන්ගෙන් ආහාර ගෙන්වා ගැනීමද දුෂ්කර වෙනු ඇත.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us