අපේ දරුවෝ ටික ඉවරයි...!   Featured

Published in පුවත්
Saturday, 18 June 2022 19:10

ආර්ථික අර්බුද, දේශපාලන අර්බුද, සාමාජීය අර්බුද කවරක් වේවා වඩාත්ම පීඩාවට සහ අසාධාරණයට ලක් වෙමින් තිබෙන්නේ දරුවන්ය. මේ අර්බුද කිසිවකට දරුවන්ගේ මැදිහත් වීමක් හෝ වගකීමක් නැත. මේ වැඩිහිටියන් විසින් හිතා මතා හෝ නොදැන ඇතිකරන ලද අර්බුදයන්ය. පාලකයාත්, එම පාලකයන් පත් කරගත් ජනතාවත් ඇතිකර ගත් අර්බුදයන්වේ. මේ දෙපාර්ශ්වයම මේ තත්වයන්ට සම සමව වගකිව යුතුවේ.

වත්මන් ශ්‍රී ලංකාව තුල ඇතිව තිබෙන තත්වයන් හමුවේ දරුවන් මුහුණ දෙන විශාල ගැටලු රාශියක් නිර්මාණය වෙමින් තිබේ. එනම් මීට පෙර එම අර්බුද නොතිබුණා යැයි කීම නොවේ. අර්බුද වලට විසඳුම් නැති තැනට පත්ව ඒ ඛේදවාචකයක් වන තැනට පත්වෙමින් තිබෙන බවය. ඒ අතරින් ඔවුන්ගේ අධ්‍යපනය පිළිබඳ ප්‍රශ්නය බරපතල අඩියකට මේ වන විට ඇද වැටී ඇති බව පාර්ලිමේන්තුවේ රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ යම් තරමකට අණාවරණය වී ඇත. ඒ පිළිබඳ මාධ්‍ය වර්තාව පහත දක්වා ඇත.

මීට අමතරව තමන්ගේ කු‍ටුම්බයන් තුළ මුහුණ දෙමින් සිටින ආර්ථික ගැටළු නිසා ඇතිවන ආහාර අහේනිය මත දරුවන්ට අවශ්‍ය පෝෂණය කෙසේ වෙතත් බඩගින්න යන්තම් නිවා ගැනීමේ හැකියාවන්ද අද අහිමි වෙමින් තිබේ. මේවන විටත් මන්ද පෝෂණ තත්වයෙන් පෙළෙන දරුවන් ප්‍රමාණය සියයට 17 ක් පමණ වෙතැයි මෑතක කළ සමික්ෂණකින් හෙළිව තිබිණි. එම තත්වයන් තව දුරටත් වර්ධනය වීමක් මිස ඒ යථා තත්වයට පත්වීමට ඉඩක් පවතින ආර්ථික අර්බුදය විසින් තබා නැත. මේ අර්බුද මත්තේ දරුවන්ගේ මානසික සුවතාවය අහිමි වීම රටක් විදියට මුහුණ දීමට වන විශාල ගැටළුවක් වීම ද වැලැක්විය හැකි නොවනු ඇත.

දරුවකු ලෙස ලැබිය යුතු අයිතිවාසිකම් රැසක් ඔවුන්ට තිබේ. එහෙත් මේ අයිතිවාසිකම් දරුවන්ට හිමිකර දීමේ හැකියාව වැඩිහිටි පරපුරෙන් නැතිනම් රාජ්‍යයෙන් ගිලිහී යන තැනකට පත් වුවා කියා දරුවෝ ඊට එරෙහිව වීදි බැස අරගල කරන්නේ නැත. කැරලි ගහන්නේ නැත. දරුවෝ වෙනුවෙන් අරගල කළ යුත්තේ වැඩි හිටියන්ය. පාලකයන්ය. ඒ ඔවුන්ගේ යුතුකමට එහා ගිය බරපතල වගකීමකි. අද මේ රටේ සෑම පුරවසියකු හමුවේම ඒ වගකීම තිබේ. හෙට දවස ගැන කල්පනා කරනවා කියන්නේම දරුවන්ගේ අනාගතය ගැන කල්පනා කිරීමය. ඒ නිසා අද තීන්දු ගත යුත්තේ දරුවන් ගැන සිතාය.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ මාධ්‍ය වාර්ථාව

කොවිඩ් තත්වය සහ ආර්ථික අර්බුදය නිසා පසුගිය වසරේදී දරුවන්ගේ අධ්‍යාපනය අහිමිවීම සියයට 88ක් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එම්.එන් රණසිංහ මහතා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී (කෝපා කමිටුව) පැවසීය.

ඊට පෙර 2020 වර්ෂයේ දී දරුවන්ගේ අධ්‍යාපනය අහිමි වීම සියයට 54 ක් බව සඳහන් කළ අධ්‍යාපන ලේකම්වරයා කොවිඩ් තත්ත්වයට වඩා වැඩි අභියෝගයක් ආර්ථික අර්බුදය හමුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට මුහුණ දීමට සිදුව ඇතැයිද ප්‍රකාශ කළේය.

රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා රැස්විය.

මේ රැස්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය, විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යන ආයතනවල ප්‍රධානීහු කැඳවනු ලැබ සිටියහ.

සමස්තයක් ලෙස ගත්විට අධ්‍යාපන ක්ෂේත්‍රය ඉතා බැරෑරුම් හා සංකීර්ණ ක්‍රියාවලියකට අවතීර්ණවී සිටින බවත් කොවිඩ් තත්වයටත් වඩා ආර්ථික අර්බුදය හමුවේ උද්ගතව ඇති තත්වය කළමනාකරණය කර ගැනීම අපහසුවී ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා කීවේය.

දුෂ්කරතා මධ්‍යයේ වුවද අධ්‍යාපන ක්ෂේත්‍රය පවත්වාගෙන යෑමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කෝපා කමිටුව අධ්‍යාපන බලධාරීන්ට ප්‍රසංසා පුද කළේය.

අහිමිවූ ඉගෙනුම් කාලය පිළිබඳවද විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී විශේෂ අවධානය යොමුකරන ලෙස කමිටුව නිර්දේශ කළේය .

නියමිත දින ගණන පාසැල් පැවැත්වීමට නොහැකිවීම නිසා විෂය නිර්දේශය ආවරණය කිරීමට නොහැකිවීම, ඉන්ධන හිගය, දරුවන්ගේ පවුල්වල ආර්ථික අපහසුතා, මවුපියන්ට රැකියා අහිමිවීම ආදී කරුණුද අධ්‍යාපන ක්ෂේත්‍රයට බරපතළ තත්වයක් මතු කර ඇතැයි හෙතෙම පෙන්වා දුන්නේය.

මාර්ගගත තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කළද ග්‍රාමීය වශයෙන් ඒ සඳහා විවිධ දුෂ්කරතා පවතින බවත් ඉගෙනුම් ක්‍රියාවලියේදී මාර්ගගත ක්‍රමය දීර්ඝකාලීනව ක්‍රියාත්මක කිරීම සාර්ථක ක්‍රමයක් නොවන බවත් අධ්‍යාපන නිලධාරීහු පෙන්වා දුන්හ.

අධ්‍යාපන අමාත්‍යාංශයට මීට පෙර වෙන්වූ වැය ශීර්ෂයන්ට අයත් මුදල් ප්‍රමාණවත් නොවීම තවත් ප්‍රධාන ගැටලුවක් බවත් රජයේ මුදල් ප්‍රභවයන්ට පරිබාහිරව වෙනත් ආයතනවලින් ලැබීමට ඇති UNICEF, ADB, ලෝක බැංකුව වැනි ව්‍යාපෘතිවල මුදල් ප්‍රතිව්‍යුහගත කර ප්‍රමුඛතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සදහා යෙදවීමට කටයුතු කරන බවත් ලේකම්වරයා පැවසීය.

සීමිත කාලයක පාසල් පැවැත්වීම නිසා සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය කිරීමට නොහැකි තත්වයක් ඇති හෙයින් විභාගයට අදාළ කරගන්නා විෂය නිර්දේශයේ වපසරිය සීමා කිරීමේ අවශ්‍යතාව පිළිබදවද කමිටුවේ විශේෂ අවධානය යොමුවිය.

එසේ නොවන විට දරුවන් මෙන්ම ගුරුවරුන්ද දැඩි පීඩනයකට ලක්වන බව කමිටුව පෙන්වා දුන්නේය.

විභාග දෙපාර්තමේන්තුවෙන් විභාග පැවැත්වමේදී අදාළ ඉගෙනුම් අහිමිවීම පිළිබද සලකා බලා දරුවන්ට අසාධාරණයක් නොවන ලෙස ප්‍රශ්න පත්‍ර සැකසීමේ අවශ්‍යතාවද කමිටුව අවධාරණය කළේය.

ඒ සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශය හා විභාග දෙපාර්තමේන්තුව මනා සම්බන්ධීකරණයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ක්‍රියාත්මක කරන ලෙස කමිටුව නිර්දේශ කළේය.

එසේම ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ළගම පාසැලට දරුවන් තාවකාලිකව අනුයුක්ත කිරීමේ ක්‍රමවේදයක් සකස් කරන බවත් එය මෙම වසරේ දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් මෙහිදී අනාවරණය විය.

පවතින දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුවද සාමාන්‍ය පෙළ ඇතුළු ජාතික විභාග නිසි පරිදි පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඇතුළු සියලු අධ්‍යාපන නිලධාරීන් කමිටුවේ ප්‍රශංසාවට ලක්විය.

ආර්ථික අර්බුදය හමුවේ විශ්ව විද්‍යාල පද්ධතියේ පවතින ගැටලු පිළිබදවද මෙහිදී සාකච්ඡා විය.

ඉන්ධන හා ගෑස් හිගය වැනි දුෂ්කරතා හමුවේ ප්‍රායෝගික පරීක්ෂණ යනාදිය සඳහා පමණක් විශ්ව විද්‍යාලවලට කැදවීම සිදු කරන බවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ දේශන පැවැත්වෙන බවත් නිලධාරීහු පැවසූහ.

ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක ඩොලර් මිලියන 100 ක ව්‍යාපෘතිය නැවත සළකා බලා ඵලදායි ලෙස යොදා ගැනීමට සැලසුම් සකස් කරන ලෙස මෙහිදී කමිටුව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට නිර්දේශ කළේය.

මෙම රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, මොහොමඩ් මුසම්මිල්, තිස්ස අත්තනායක, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ශිවඥානම් ශ්‍රීතරන්, ප්‍රසන්න රණවීර, (ආචාර්ය) හරිනි අමරසූරිය, වීරසුමන වීරසිංහ සහ (වෛද්‍ය) උපුල් ගලප්පත්ති යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ .

Leave a comment

worky

worky1

ld add copy

Gossip

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

'කන්න නැත්තම් ජීවිත කාලෙටම කන්න දෙනවා , මම සත්තුන්ට කන්න දෙන්නෙත් KFC ' පියුමිට තරහ යයි

අපි කවුරුත් හොදින් දන්නා හදුනන නිරූපණය සහ රංගනය වගේම ව්‍යාපාර ක්ෂේත්‍රය තුලත් දැන් වඩාත් ප්‍රසිද්ධ ක...

සජිත්-අනුර විවාදය ITN  එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත්-අනුර විවාදය ITN එකේ කොහොම හරි පෙන්වන්න.. ජනපතිගෙන් නියෝගයක්

සජිත් ප්‍රේමදාස මහතා සහ අනුර කුමාර මහතා අතර පැවැත්වීමට නියමිත තමතමන්ගේ පක්ෂ වල ආර්ථික ප්‍රතිපත්ති සම...

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලක්ෂපාන ඇල්ලෙන් පැන්න තරුණ තරුණියෝ

ලෝකයේ ත්‍රාසජනක ක්‍රීඩාවක් ලෙස හදුන්වන waterfall rope swing jump ලක්ෂපාන දියඇල්ල ආශ්‍රිතව ලංකාවේ පළම...

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

අම්ම තාත්තගෙන් පස්සේ මට වටින්නේ එයා - දුශේනිගේ එයා කවුද?

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

Connet With Us